Chapter 08 🌍🌟

1.5K 347 108
                                    

He Is Mine 🌍🌟
Chapter 8

Xiao Zhan's P.O.V

මන් ඇහැරුනේ car එකේ A/C එකේ සීතල කපාගෙන මගෙ තොල් වල වැදුන උණුසුමට. ඒත් මන් ඇරපු ඇස් ආයෙම වහගත්තෙ මගෙ ඇස් ඉස්සරහින් දැකපු දේ නිසා.

" එයා ? "

" මම ? "

පොඩ්ඩක් ඉන්න මම..මම.oh noo..මන් ඉන්නෙ එයාගෙ උරහිසේද? ශාන් වලක් කපන් වැලලෙනවද අතින් හාරගෙනම වැලලෙනවද...හැපූ මන් ඇස් අරින්නෙ කොහොමද දෙයියනේ. ඇයි මන් මේ යකාගෙ උරහිසේ ඔලුව තියං ඉන්නෙ... ආශ්.....මොකද්ද කරන්නේ.....

" ඇහැරිලා නං ඉන්නෙ මගෙ උරහිසින් ඔලුව ගන්නවද "

අම්මටසිරි දැකලා. නැගිටින්න ශාන් දැන් කොහොමත් රෙදි ගැලවිලා ඉවරයි.

" අම්...ස්...sorry මන්....මට...මං හිතලා නෙවේ "

" බහින්න "

" ආහ්? ආ....හා හා "

මන් ඉක්මනට වාහනෙන් බැස්සා. එයා ගොයේ garage එකට වාහනේ park කරන්න. මාත් ලැජ්ජාව පැට්ජ්තකින් තියල එයා එනකං හිටියෙ මොක උනත් එකට ගියා නං එකට එන්න ඕන නිසා. ඒත් මෙන්න යකෝ මූ........කඩාගෙන බිදගෙන ඇවිත් ඇතුලට ගියා.... පුදුම තදියමක්නේ. පොඩ්ඩක් මාවත් එක්කං ගියානං කකුල් කැඩෙනවද මන් අහන්නෙ. මෝඩ තාච්චිය. ඔයාටත් හොද වැඩේ ශාන්. දැන්වත් යමු. හෙට university

මන් ඉක්මනට මගෙ room එකට ආවෙ හෙට උදෙන්ම යන්න ඕන නිසා ඉක්මනට නිදාගන්න. දැනටමත් පාන්දර 1යි වෙලාව. මන් මෙච්චර වෙලා ඇහැරිලා ඉදලම නෑ.ඒ නිසාම මන් ඉක්මනට wash දාන් ඇදට වැටුනෙ හෙට uni එකේදි දෙන මගෙ පලවෙනි lecture එක ගැන හීන බල බල.

ට්‍රිං ට්‍රිං..

මොන වෙඩිමක්ද බම්..සුට්ටක් ඇහැපිය උනා විතරයි මගෙ නිම්ද කඩන ගෝතයා. සැක්.. මන් ගන්න එකාටත් හිතිං බැන බැන call එක answer කලේ මගේ පරණ තැටිය වාදනය කරන්න කටත් උල් කරන්. ඒත් මටත් කලින් එහා පැත්තෙන් ආපු කටහඩට මගෙ නිදිමත කොහෙන් ගියාද දන්නෙ නෑ.

" මා ඇමතූ ග්‍රාහකයා තව විනාඩි 15කින් පහල හිටියෙ නැත්තං පසුව කණගාටු වෙන්න වෙයි "

ආයිශ් මේ පොඩි එකා.......නිදාගන්.... පොඩ්ඩක් ඉන්න අද යුනි!!!!!!!!! Oh god මෝඩ බූරුවා ඇයි කලින් call නොකලේ. බලනවා වෙලාව...ආයිශ්...මන් පුලුවන් තරං වේගෙන් wash දාන් ඊයේ ලැස්ති කරලා තිබුන ඇදුමත් ඇදන් බෑග් එකත් අරන් අනිත් අතින් කොණ්ඩෙත් හදන ගමන්ම පහලට බැස්සා. මන් යන්කොටත් අංකල් විතරයි කෑම මේසේ. කෝ මේ ගිනි පිඹින අල හොද්ද. මේකා ගියාද යුනි එකට. මන් ගිහින් ඉක්මනට වාඩි වෙලා කෑම බෙදාගන්න ගමන්ම අංකල් එක්ක කතා කරා.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOnde histórias criam vida. Descubra agora