Chapter 9

349 56 22
                                    


Flash back ...

වසර පහකට පෙර....

යුනි එකේ පලවෙනි අවුරුද්ද..

කොලේජ් එකේදි වගේම යුනි එකට ආපු පලවෙනි දවසෙත් ජිමින්ට වගේම ටේහන්ටත් ලැබුන පිලිගැනීම අඩුවක් තිබ්බේ නෑ..

යුනි එකේ ගේට්ටුව දිහා බලාගෙන ඉද්දි ජිමින්ගේ ඇස් ගියේ එයා වගේම ගේට්ටුව දිහා ලොකුම ලොකු දිලිසෙන ඇස් වලින් බලාගෙන ඉන්න ලස්සන ගෑනු ලමයෙක්..

අතේ තිබ්බ පොත් ටික පපුවට තද කරලා විශ්වවිද්‍යාලය දිහා බලාගෙන ලොකු හුස්මක් ගත්ත එයා ෆයිටින් කියලා හෙමීට එයාටම මුමුන ගත්ත විදිය දැක්කම ජිමින්ගේ මූනට හිනාවක් ආවේ නිරායාසයෙන් ... ඒ කෙල්ල ඒතරමට කියුට් හරියට බොනික්කියක් වගේ...

ජිමින් හිනා වෙනවා ගෑනු ලමයට දැනුන නිසාදෝ එයා ජිමින් දිහා බැලුවා... එතකොට තමයි ජිමින් එයාව හරියටම දැක්කේ...

ලා දුඹුරු පාට ඇස් දිලිසුනේ හරියට ඉර එලියට දිලිසෙන පිරිසිදු මී පැණි බින්දු වගේ...
කලුම කලු ඉන ගාවට දිග කොන්ඩෙ ඉර එලියට තඹ පාටට පෙනුනා..
ඇත්දළ පාට හමක් තිබ්බ එයාගේ වලගැහෙන කම්මුල් දෙක රෝස පාට වෙලා තිබ්බා..
ඒ වගේම රෝස පාට තොල් දෙක අස්සේ පුංචි හිනාවක් හැංගිලා තිබ්බත් එයාගෙන් පෙනුනේ කලබලකාරී හැගීමක්...

පුංචි මී පැටියෙක් වගේ බය වෙලා හිටිය එයාට ජිමින් ලස්සන හිනාවකින් සංග්‍රහ කරන්න අමතක කරේ නෑ...

ඒ ගෑනු ලමයත් ජිමින්ට පුන්චි හිනාවකින් සංග්‍රහ කරේ අපිට කෙනෙක්ට නොමිලේ දෙන්න පුලුවන් එකම තෑග්ග හිනාව කියලා දන්න හින්දමද..?

ජිමින් එයාට අත වනලා එයා ලගට යන්න හැදුවත් ඒ දෙන්නා අතරින් ලමයි කණ්ඩායමක් ගිය හින්දා ඒ දෙන්නගේ  ඇස් සබදකම බිදිලා ගියත් ආපහු ඒ ඇස් දකින්න ජිමින්ට හම්බවුනේ නෑ... ඒ ඇස් ආයේ එකක ට එකක් හම්බ වෙයිද....?


🐯 මොකද ගොන් රැල පාරේ මැදින්ම යන්නේ.. ? ශිට් කෑවනේ , මාර රොමැන්ටික් ෆිල්ම් එකක් කෑවනේ..අපරාදේ ...😠

මෙච්ච්ර වෙලා තමන්ට මග ඇරිච්ච ඒ  ඇස් හොය හොයා හිටපු ජිමින් සිහියට ආවේ ටේහන්ගේ සද්දෙට..

Anti Romantic ( KTH )Where stories live. Discover now