Chapter 15

280 52 20
                                    

🐯 හෙය්ජින් තමුන් අපිව රැවැට්ටුවා ... 😡





















වෙනදා විවේක වෙලාවදී ආවත් අද උදෙන්ම එන්න පුලුවන් වෙච්ච එක ගැන හෙය්ජින් හිටියෙ සතුටින් ...

🐺 ටේහන් තාම ගෙදර ඇත්තේ .. එක්කෝ ඔෆිස් එකට යන්න ඇති .. ටිකක් පරක්කු වෙලා ගියා කියලා එයාට පාඩුවක් නෑනේ .. ඔන්න ඔහේ පයින්ම යනවා .. මගදි කැබ් එකක් හම්බ වෙයිනේ...

එහෙම හිතපු හෙය්ජින් පාර දිගේ ඇවිදන් ගියා.. මේ පැත්තේ වැඩිය වාහන නොතිබ්බ නිසා එයා හරිම නිදහසේ ඇවිදන් ගියා... පාරේ අයිනේ තිබ්බ කඩේකින් චිකන් ස්කීවර් එකක් ගත්තා.. මගදි කකා යන්න..

( Dak-kkochi (닭꼬치, "චිකන් ස්කීවර්") යනු කුඩා කුකුල් මස් කැබලි සහ ඇටකටු මත ග්‍රිල් කරන ලද ලූණු වලින් සමන්විත ජනප්‍රිය දකුණු කොරියානු වීදි ආහාරයකි. )

ටික දුරක් ඇවිදගෙන යද්දි හෙය්ජින් දැක්කේ කලු පාට වෑන් එකක් පාරෙ අයිනේ නවත්තලා තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටික දුරක් ඇවිදගෙන යද්දි හෙය්ජින් දැක්කේ කලු පාට වෑන් එකක් පාරෙ අයිනේ නවත්තලා තියෙනවා.... එයාට ඒ ගැන සැකයක් ඇති උනත් එයා ඒක පහු කරගෙන ඇවිදගෙන ගියා..

එයා චිකන් ස්කීවර් එක කාලා  ටිශූ එකකින් අතපිහදාලා.. සන්ග්ලාස් දෙක අතට ගද්දි ඒකේ කාච දෙකෙන් දැක්කේ පිටි පස්සෙන් මිනිස්සු තුන් දෙනෙක් එනවා කියලා..
එයාලා තනි කලු ඇදල හිටියේ...
මූනට මාස්ක් එකකුත් දාගෙන..
හෙය්ජින්ට තේරුනා එයාලා එන්නේ එයාගේ පස්සෙන් කියලා ඒත් එයා සාමාන්‍යයෙන් විදියටම ගානක් නැතුව ඇවිදගෙන ගියා..

පිටි පස්සෙන් ඇහෙන අඩි සද්දේ එන්න එන්නන් වේගවත් වෙද්දි හෙය්ජින්ට දකුණු පැත්තෙන් අතක් මතු වුනේ ලේන්සුවක් එක්කමයි..
ඒ දේ අසුරු සැනින් සිද්ධ වුනත් හෙය්ජින්ට පුලුවන් වුනා ඒ අත අල්ලලා නවත්තගන්න...
ඔව් ඒ හෙය්ජින්ව ෆලෝ කරපු අයගෙන් එක්කෙනෙක්..

Anti Romantic ( KTH )Where stories live. Discover now