_9_

1.8K 471 9
                                    

ජෝන් ජන්ග්කුක්..එයාගෙ කොන්ඩේ දුඹුරු පාටයි..ඇස් රවුම්...එයා ටිකක් නපුරු පාටයි.. කටහඬ ටිකක් රළුයි..

චර්ච් එකේදි එයා මගෙ ඉණ වටේ අතක් යවලා එයාගෙ ඇඟට තද කරගෙන මාව එතන හිටපු මිනිස්සුන්ට අඳුන්වලා දුන්නා..මං කලේ ලාවට හිනා වෙන එක විතරයි..

පේන විදිහට මේ මනුස්සයා අප්පා කියන කෙනාටත් වඩා ලොකු බිස්නස්මන් කෙනෙක් වගේ..එයා සමහරක් විට මාව සල්ලි වලට මේ මිනිහට බන්දලා දෙන්නැති..එයාට ලොකු ගානක් හම්බෙන්නැති මං වෙනුවෙන්..

වෙඩින්ග් එක තිබ්බෙ දවල් වෙලා නිසා අපි චර්ච් එකෙන් එද්දි ටිකක් හවස් වුණා..එයා මාවත් එක්කගෙන එයාගෙ කාර් එකේ ආවා..කොහෙටද යන්නෙ කියලා මං දන්නෑ..මට වැඩකුත් නෑ...

සමහර විට හනිමූන් එකට වෙන්නැති..

"උබේ පිරිසිදුකමත් අදින් ඉවරයි පාක් ජිමින්..."
මගෙ අතට දාලා තිබ්බ වෙඩින්ග් රින්ග් එක කරකව කරකව මං හිතුවා..

"ඇයි ඔයා කතා කරන්නැත්තෙ....?"
එයා ඩ්‍රයිව් කරන ගමන් මගෙන් ඇහුවා.. මගෙන් මුකුත් ම උත්තරයක් නැති නිසා එයා මං දිහා බලාගෙන ඉදලා ආයෙමත් පාරට අවධානෙ දුන්නා..

මං මේ මැරේජ් එකට කැමති නැති බව එයාට තේරෙන්නැති..

"අපි දැන් යන්නේ හනිමූන් එකට...ඔයා කැමති ද....?"
එයා මගෙ අතකින් අල්ලගෙන ඇහුවා..මං කලේ එයාට රවලා අත ගසලා දාපු එක..

එයා හිනා වුනා.. හයියෙන් හිනා වුනා.. ටිකකින් එයාගෙ නපුරු හිනාව නැවතුනා..

මේ මිනිහට පිස්සු ද..?
එයා දිහා බලාගෙන ඉද්දී මට හිතුනෙ එහෙම...





𖧷𖧷𖧷


M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now