_12_

1.9K 466 19
                                    

කෑම කාලා රූම් එකට ගියපු මං එකපාරටම ගැස්සුනේ දොර ඇරිලා වැහෙන සද්දෙට..මං ඇඳේ නිදාගෙන හිටියෙ...සද්දෙ මොකක්ද බලන්න මං ඇස් ඇරලා ඒ දිහා බැලුවා..එතන හිටියෙ ජන්ග්කුක්..

කටකොනේ හිනාවක් තියාගෙන එයා මං ළගට ආවා...

"ඒන්ජල්...ඔයා ගොඩක් ලස්සනයි ඔහොම ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට..."

එයා මං ළගට ඇවිත් හිමීට කියද්දි මං ලැජ්ජාවෙන් බිම බලාගත්තෙ මං එයා දිහා ඒ විදිහට බලාගෙන හිටපු එකට මටම බනින ගමන්..

"මං දිහා බලන්න ඒන්ජල්...."

එයා මගෙ ඇඟ උඩට ඇවිත් මගෙ මූණට එබිලා කිව්වා...එයා මෙහෙම ඉන්න එක මට වදයක්..මට අපහසුයි...

මං එයා දිහා නොබලා මූණ බිමටම හරවගෙන හිටියා..

"මං කියන දේ අහන්නැද්ද ම්ම්....?"

එයා හිමීට මුමුණද්දි මං කලේ තවත් මූණ බිමට හරවගෙන හිටපු එක...

"ඔයා මුරණ්ඩුයි ඒන්ජල්... හැබැයි මං ඒකට කැමතියි..."

එයා මගෙ මූණ අතකින් මිරිකගෙන එයාගෙ පැත්තට හරවාගෙන කිව්වා..මං තාම එයා දිහා බැලුවෙ නෑ..මං ඇස් වහගෙන හිටියෙ..එයා මගෙ මූණ මිරිකගෙන ඉන්න විදියට මාව තවත් රතු වෙලා ඇති..

"රතු උනාම තවත් ලස්සනයි...."

එයා මගෙ මූණ තවත් මිරිකන ගමන් කිව්වා..මට රිදෙනවා එයා අල්ලගෙන ඉන්න විදියට..එයාගෙ අතින් මගෙ මූණ ගලවගන්න මං උත්සහ කලත් ඒකෙන් වුනේ මූණ තව තවත් අතට හිර වෙච්චි එක...

"ඇස් ඇරලා මං දිහා බලන්න ඒන්ජල්...මං ආයෙමත් කියන්නෑ ඔයාට......"
එයා තදින් කිව්වා..

එයා කොච්චර නපුරු උනත් මං ඊට වඩා මුරණ්ඩුයි..මං තවත් ඇස් දෙක තද කරගත්තා...

"හ්ම්...ඒකද ඔයාගෙ තීරණේ... ම්ම්ම්...?"
එයා මගෙ මූණ තවත් තද කරන ගමන් කිව්වා..

ටිකකින් මගෙ ඇස් උඩ සීතල මොනවා හරි යනවා කියලා තේරුණා.. මොකක්ද ඒ..?

මං ඇස් ඇරලා බැලුවා..එයා මං දිහා හිනා වෙලා බලාගෙන හිටියා...එයා ආයෙමත් මගෙ ඇස් වලට පාත් වුනා..එයා ඒවා කිස් කලා..

ගල් පිළිමයක් වගේ මං එයා දිහා බලාගෙන හිටියා..මගෙ හදවත වේගයෙන් ගැහෙනවා..මට බයයි.. එයා මොනාද කරන්නේ යන්නෙ..

"ඔයා ඉක්මනින් ඇස් ඇරියා ඒන්ජල්..ගුඩ් බෝයි...දැන් මට ඇහෙන්න කතා කරන්න...මට ඔයාගෙ කටහඬ අහන්න ඕන..."

එයා හිමීට මුමුණද්දි මං බෑ කියලා ඔලුව වැනුවා...

"ඒකත් එහෙමද ම්ම්.....මං කතා කරවන්නම්...."

මගෙ ඇස් දිහාම බලාගෙන එයා කිව්වා..ඒක හරිම රළු කටහඬක්..එයාගෙ කටකොනේ තිබ්බ හිනාවත් එච්චර හොඳ එකක් නෙමෙයි...

නපුරු ජෝන්.....



𖧷𖧷𖧷

M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎ Where stories live. Discover now