පලමු කොටස

387 43 14
                                    

නයිජල්......

ඔන්න.....බලාගෙන....

පොලු මුගුරු රැගෙන එක්විටම කඩාපැන්න කිහිපදෙනෙක් විසින් ඔවුන්ට පහ‍රදීමට මුල පුරද්දී ඩියනා කැගැසීය..

ඒ සමගම නයිජල් හට දැනුනේ දැඩී වේදනාවකි...

වම් ඉන පෙදෙසට වැදුණු දැඩි පොලු පහරින් නයිජල් දෙකට නැමිණි..

අ...හ්....ඉන පෙදෙස මිරිකා ගත් ඔහු ඩියනා සිටි ඉසව්ව දෙස යෑමට උත්සහ කරත් එක් විටම හිස පසුපසින් දැනුණ වේදනාවත් සමගම හැරී බැලූ විට දුටුවේ මුගුරක් රැගෙන ඔහුට පහරක් එල්ල කර තිබූ මිනිසෙකි..

සමබරතාවය ගිලිහී දෑස් අදුරුව යද්දි නයිජල් හට ඇසුනේ ඩියනා කෑගසන හඩය.....

____________

ගලවපම් මුන්ගේ ඔලු....

දැඩි හඩින් ලැඹුණු අණ දීමත් සමග නයිජල් ගේ හිස වසා තිබූ කලු රෙදි බෑගය ගලවා දැමිණි..

එක් වරම දෑසට එල්ල වූ කහපැහැති ආලෝකය දරනු බැරි නිසාවෙන් ඔහු දෑස් කුඩාකර වටපිට බැලීය..

ලාම්පුවක් රැගත් මිනිසුන් දෙදෙනෙක් එතැන හිදීය...

වටපිට බැලූ විට තමාට මදක් එහායින් තවමත් සිහි නොමැතිව වැටී හිදින ඩියනා දුටු නයිජල් හට සැනසුම් සුසුමක් හෙලුනත් ඇයද අනතුරේ වැටීම නිසා ඔහුහට දැනුනේ නොසන්සුන් බවකි.....

ඔවුන් සමග හිදි රේවන් හා ඩෙරික් ගැන කිසිදු හෝඩුවාවක් නොවීය...
ඔවුන් මොවුන්ට හසුනොවන්නට ඇතිබව සිතූ නයිජල් සහනයට පත් විය..

ඉණ පෙදෙසින් ආ වේදනාවට නයිජල් ගේ ශරීරයම ඇදුම් කන්නට විය....
කිසිවකු හෝ ඒයට ප්‍රතිකාර කර ඇති බව පෙනුනේ අපිලිවෙලට ඔතා තිබූ බැන්ඩේජයක් නිසාවෙනි..

ඔහු කෝපවත් බවෙන් ඉදිරියෙහි හුන් මිනිසුන් දෙස බැලීය...

මොනවද උඹ බලන්නෙ....

හිසට පහරක් එල්ල කරමින් නයිජල් දෙස උපහාසාත්මක බැල්මක් එල්ල කෙරූ එක් මිනිසෙකු ගොරෝසු හඩෙන් කීය...

ඔවුන්ගේ දෑස් පමනක් පෙනෙනා ආකාරයෙන් රෙදිකඩකින් නාසය හා මුඛය වැසී තිබිණ..

A NIGHT IN A MANSION 🌙  🎭✔️Where stories live. Discover now