දෙවන කොටස

170 40 10
                                    

මේ....මේ........අර

නයිජල් පුදුමයට පත්වුයේ ඔහුව   හදුනාගත් බැවිණි....

හමුවීම සතුටක්....

නයිජල් හට  දැනුනේ කෝපයකි...

තමුසෙද මේ සේරම කරේ....
ඇයි අපිව මෙහෙම හිර කරන් ඉන්නේ ?
මොනවද අපෙන් බලපොරොත්තූ වෙන්නේ......

ෂ්..................................

ඔහු දෙතොල් මත දබරගිල්ල තබා නයිජල් නිෂ්ශබ්ද කිරීය....

නැවතත් ඔහු තම කාරියයෙහි නිරත වූ අතර වේදනාව උත්සන්න උවත් මොහු ඉදිරිපස කිසිදු කෙදිරියක් නොනගන්නට නයිජල්  දැඩි වෑයමක් දෑරීය......

.

.

.

.

ෂයරය වූ කලී බටහිර එංගලන්තයේ කුඩා ගම්මානයකි......
කුඩා කදුගැට වලින්  වටවූ එය එතරම් ජනයා බහුල ස්ථානයක් නොවූ අතර දේවස්ථානයක්, ආපන ශාලා කිහිපයක් හා අත් හැර දැමූ වයින් ගබඩා කිහිපයක්  ඇරෙන්න එහි වැදගත් යමකට තිබුනේ 'රෙමයිනා ඉන්' හෙවත් තානායමකි....

ෂයරය හරහා ඩෙවොන් පෙදෙසට දිවෙන්නා වූ අශ්ව කරත්ත පාර වැටි තිබුනේ මෙම ' රෙමයිනා ඉන් ' තානායම අසලිනි ..එවැවින් එහි තරමක හෝ සෙනගක් නිතර ගැවසුණි...සමහරු පැවසුවේ මෙම "රෙමයිනා ඉන්" නැතිනම් ෂයරය කියා ගම්මානයක් තිබෙනා බව හෝ කිසිවකුත් නොදන්නා බවයි....

මෙහි හිමිකරු වූයේ තිස්පස් වියැති " මෙලොන් යෝක්ෂයර් "ය...තවමත් විවාහ වී නොමැති මොහු ගේ ජීවතය ගුප්ත එකක් බවට ගම් වැසියන් සාක්ශි දැරුවේ ඔහු කිසිවෙකු හා සමාගමයට නොයන  නිහඩ පුද්ගලයකු වූ බැවිනි....

ෂයරයෙහි කදු ගැටයක තිබූ විශාල බලකොටුවක් වන් මන්දිරය  මොහුගේ බවස සියල්ලෝම දන්නා කාරනයක් විය.
නමුත්  මසකට වරක්වත් ඔහු එහි නොයන බවට සාක්සි දැරුවේ නිරන්තරයෙන් තානායම  තුල හේ පෙනී ඉන්නා නිසාවෙනි....

විශාල වතුපිටි හා ධනස්කන්දයක්  තිබූ ඔහු කිසියම් කරුණකට මෙම තානායම තුල රැදී ඉන්නේද යන්න ජනයා අතර වූයේ මද කුකුසකි...

නමුත් ගම්මානයට තිබු සලකුන වන් රෙමයිනා ඉන්හි ස්වාමියාගේ තතු හාරන්නට ගොස්  දෝෂදර්ශනයට  ලක් වීමට  ඔවුන් කැමති වූයේ  නැත...

A NIGHT IN A MANSION 🌙  🎭✔️Where stories live. Discover now