තෙවන කොටස

169 39 12
                                    

විසල් ද්වාරය විවරව එයින් කුටිය තුලට පැමිණියේ මෙලෝන් ය..

ඔහුගේ දෑත් අතර වූයේ දුම් දමනා සූපයකි...
එයින් හමා ආ සුවදට නයිජල් ගේ කටට කෙල ඉනීය...

නමුත් කෝපය නිසාවෙන් එය දෙසවත් නොබැලූ ඔහු දිගටම ප්‍රපාතය දෙස බලාහුන්නේ තැකීමක් නොකර ය..

' ඔතනින් පැනල යන්න උත්සහකරොත් ඉතින් යන්නම යන්න පුළුවන් '..
මෙලෝන් උපහාසාත්මක හඩින් කීය.....

නයිජල් හැරුනේ දෙකෙන් එකක් විසදා ගන්නා අටියෙනි......

මට කියනවා මේ වැඩේ තේරුම" ඔහු කීවේ තදිනි....
තමුසෙ ඇයි මාව මෙහෙ හිර කරන් ඉන්නේ...

එයට පිලිතුරක් නොදුන් මෙලෝන් ආහාර බඳුන පසෙකින් තැබීය...

ඔහු ගෙනවිත් තිබූ පහන ගත් අතර එය දැල්වීම නිසා කුටියම නැවතත් අර අමුතු සුගන්ධයෙන් පිරී ගියාය.......

කන ඇහෙන්නෙ නැත්ද ? උත්තර දෙනවා...

මෙලෝන් අසලට ගිය නයිජල් උත්සහකරේ මෙලොන්ගේ අතින් ඇද ඔහු දෙසට හරවා ගැනීමට ය.....

ඇයි මෙහෙ ඉන්නේ නේද?...
ම්ම්ම්ම්ම්ම්...මෙහෙ ඉන්නෙ මං කැමති නිසා කිවොත්?ම්ම්........මෙලොන් කීයේ සංසුන් හඩෙණි....

තමුසෙ දන්නවද මං කවුද කියල?නයිජල් ඇසීය..

ඔව් මන් දන්නවා...ඒ වගේම මෙහෙට ආවේ ඇයි කියලත් දන්නවා....හහ් හහ් හා....මෙලොන් වියරු ලෙසින් සිනා සී ය...

ඒත්...උඹ වාසනාවන්තයි....මොකද තමුන් ඉන්නේ තමුන් හොයාගෙන ආ කෙනා ඉදිරියේ...හහා... ....

නයිජල්  මෙලොන් දෙස බැලුවේ ප්‍රශ්නාර්තයකිනි ....

ඔ...හෝ හා පැටියෝ.....තාම තේරුනේ නැත්ද?...

උඹ මේ ඉන්නේ ෂයර්හි ව්‍යාඝ්‍රයා ඉදිරියේ...... ඔහු කීයේ නයිජල් දෙස බලමින් උදාරම් ලෙසය...

අහිංසක හා පැටවු..  .උන් හිතුවෙ මම උන්ට අනුකම්පා කරයි කියල...

ඒත් අන්තිමේ මොකද උනේ....
උන් සේරම මගේ ගොදුරු උනා....

හහ් හහ් හා.....

නයිජල් හට යමක් තේරිණි...

උඹ..උඹ ...ද එත්කොට මේ සේරම අතුරුදන් වීම් වලට මුල?
උඹට මන් ලේසියෙන් ගැලවෙන්න දෙන්නෙ නෑ......
නයිජල් කීයේ මෙලොන් දෙසට යමිණි....

A NIGHT IN A MANSION 🌙  🎭✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin