සිවුවන කොටස

178 36 12
                                    


නයිජල් අවදි වූයේ හිසෙහි බරගතියක් ද සමගිනි.....හිස එසවීමට උත්සහ කරත් ඔහුට දැඩි වෙහෙසකර ගතියක් දැනිණ..

දෑස් විවර කරත් ක්ෂනිකව දැනුණු ආලෝකය නිසාවෙන් ඔහු දෑතින්ම දෑස් මුවා කරගත්තේ ඇස් නිලංකාරව ගිය බැවින් ය...

ඔහු සෙමින් වටපිට බැලීය..

විසල් සයනය අතුරුදන් ව තිබුණි...

කුටියද අතුරුදන් ව තිබුණි...

කුඩා පදුරු වලින්වලින් සමන්විත කැලෑවක් වැනි ස්ථානයක ඔහු වැටී හිදියාය...

නැගිටීමට පණක් නැති නිසාවෙන් ඔහු එලෙසම මදක් හුන්නේ කිසිවක් පෙරදා සිදුවීම් සෙමින් සිහියට නගාගැනීමට උත්සහ කරමින් ය......

ඔහුට සිතාගත නොහැකි වූයේ විසල් සයනයක නිදාහුන් ඔහු කටුපදුරු සයනයක අවදිවූයේ කෙසේද යන්න යි.

ඒ රැය ඔහුට සිහිපත් වීය...

ඒ ආකර්ෂණීය සිපගැනුම්, ස්පර්ෂයන්......සිහිනයක් සේ මතකයට නැගෙද්දී ක්‍රමයෙන් ඔහුගේ සිරුර කෝපයෙන් පුරවාලීය..

මෙලෝන්.........
කොහෙද...ඒ අධමයා.......

ඒත්..

ඒ පහස........

ඒ බර සුසුම්..

ඔහු වේගයෙන් හිස දෙපසට හෙලවූයේ එක දිගට පැමිණෙන සිතුවිලි වලින් වැලකීමට ය...

නයිජල් තමාව කොනිත්තා ද බලා මෙය සිහිනයක් නොවන බව තහවුරු කරගති...

නීචයා.......

පා හරයා.....

ඔහුගෙ අවැසිතාවය සපුරාගත් පසු මෙසේ විසි කර දැමීම....

කොතරම් නීච පහත් ක්‍රියාවක් ද...

ඔහුට දැනුනේ දැඩි කෝපයක් මෙන්ම නොසන්සුන් බවකි.....

කෙසේ හෝ වෙර යොදා වාඩිවුණ ඔහු තම සිරුර පිරික්සා බැලීය....

ඔහුව පැහැරගත් දින ඇද සිටි ඇදුම් නැවත ඔහුට අන්දවා තිබිණ..
නමුත් කමිසය විවර කර තම සිරුර දෙස බැලූ නයිජල් පුදුමයට පත් විය......

එවැනි රාත්‍රියකින් පසුවත්?.........

ඔහුගේ ඇත්දල පැහැ සිරුරේ ඉතා කුඩා කැලැල් කිහිපයක් හා ඉන පෙදෙසෙහි වූ තුවාලය හැරෙන්න වෙන කිසිවක් නොවීය....

A NIGHT IN A MANSION 🌙  🎭✔️जहाँ कहानियाँ रहती हैं। अभी खोजें