පස්වන කොටස

188 37 18
                                    


එදින රාත්‍රියේහි ෂයර්හි කදුගැටයක් වෙත හොර රහසේ පා නගන තරුණයෙකි...ඔහු අතැති ලාම්පුව රෙදි කඩකින් ආවරණය කර තිබුනේ ආලෝකය පිටතට නොයන පරිද්දෙනි....

ඈතින් අදුරේ නැගී සිටි විශාල කුලුණු වලින් සමන්විත මන්දිරය දුටු ඔහු මදක් නැවති හති ඇරීය.....

ලාම්පුව නිවා අසල පදුරක සැගවූ ඔහු නැවත සෙමින් ඉදිරියට ඇදුනි...
මන්දිරය තුල කිසිදු ආලෝකයක් නොදැල්වුණු අතර මූසල නිහැඩියාවකින් අවට පරිසරයම වෙලාගෙන තිබූනි..
කෑලි කැපිය හැකි ඝන අදුර නිසාවෙන් ඔහුහට ඉදිරිය දර්ශනය වූයේ යාන්තමිණි...

වටපිට බලා කිසිවකුත් නොමැතිබව තහවුරු කරගත් ඔහු හොරගමනින් මන්දිරය වටා ගියේ ඇතුල්වීමට තැනක් සොයමිණි....

නමුත් එක්වරම මදින් මද ලංව ඇසෙනා අශ්ව කරත්ත හඩක් නිසාවෙන් නයිජල් වහා අදුරට මුවා වුණේ තිගැස්සී ය... ඩියනාටද හොරෙන් පැමිණි මේ ගමන ගැන ඔහුගේ සිතේ එක්වරම ඇතිවූයේ චකිතයකි....
නමුත් සත්‍ය දැන මිසක අද මෙතනින් නොයන බවට ඔහු අදිටන් කරගති...

අශ්ව කරත්තයෙන් බැස පැමිණියේ ජෝශප් බව අදුරේ උවත් නයිජල් හට හදුනාගත හැකි විය..

ඔහු සමග සිටි අනෙකා එදින ඔවුන් පැහැරගත් අයෙක් වන්නට ඇති බව නයිජල් සිතීය...

ඔවුන් දෙදෙනා විසින් ඔසවා ගෙන ආවේ බර යමකි...

දොර අසලට ලංවූ ඔවුන් ද්වාරයට තට්ටු කෙරුවේද පෙරදිනක අර වියපත් කාන්තාව තට්ටු කල ආකාරයටම බව නයිජල් හට තේරිණ..

කිරි කිරි හඩ නංවමින් කිසිවකු හෝ ද්වාරය විවර කල අතර ජෝෂප් හා අනෙක් පුද්ගලයා ඉන් ඇතුලු වීය...

නයිජල් වහා ඔවුන් පසු පස යාමට ඉදිරියට පිනුවත් ඊට පෙර ද්වාරය නිහඩවම වැසි ගියේ ඔහුගේ බලාපොරොත්තු සුන් කරමිණි .

ඔහ්..ශිට්.....

නයිජල් මදක් එකෙල මෙකෙල වූයේ ජෝෂප් සිදු කල ආකාරයේ තට්ටුවක් දැමීම නුවනැති ක්‍රියාවක් ද යන්නයි...

නමුත් ඊට පෙර නැවතත් විසල් ද්වාරය විවර වූ අතර පිටතට පැමියේ ජෝෂප් ය...ඔහු නැවත අශ්වකරත්තය අසලට ගිය අතර,
නයිජල් සිතුවේ මෙය ඇතුලට යාමට ඇති මහගු අවස්ථාවක් ලෙසය...

A NIGHT IN A MANSION 🌙  🎭✔️Where stories live. Discover now