Loss

215 31 12
                                    

මැදියම් රැය එළඹීමට තව හෝරා කිහිපයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මැදියම් රැය එළඹීමට තව හෝරා කිහිපයයි.

එහෙත් තවමත් සෝල් නගරය ක්‍රියාකාරීයි.

ඒ කිසිවක් හීසන්ග්ට අදාළ වුණේ නෑ.

වෙනදාටත් වඩා පිළිවෙළට හැඳ පැළඳ ගෙන ඔහු අතුරු මාවතක් දිගේ ඉදිරියට ඇවිද ගියා.

ඔහුගේ කඩවසම් මුහුණ සුන්දර සිනහවකින් ඔප වැටී තිබුණා......අඳුරු අහසේ පායා තිබූ පුරහඳ වගේම.

නිහඬව හිටියත් මෙවෙලෙහි ඔහුගේ හිත පෙරළි කරන හඬ ඇහුණේ ඔහුටම පමණයි. එතුළ මුසු වී තිබුණු ප්‍රීතියත්,පැකිලීමත්,කලබලකාරී බවත් පිළිබඳ තේරුණේ ද ඔහුට ම පමණයි.

හැම දෙයක් ම සර්ව සම්පූර්ණයි. එවුවත් වරින් වර හීසන්ගේ දකුණත ඔහුගේ කලිසමේ ඉදිරි සාක්කුව වෙත ගමන් කළේ එහි තුබූ කුඩා පෙට්ටිය උපද්‍රවයකින් තොරව තිබේ දැයි සැක හැර දැනගැනීමට වගේ.

මැදියම් රැය වුවත් වීදිය පුරා ඉහිරී ගිය සඳ එළිය නිසාවෙන් හීසන්ග් කරදරයකින් තොරව ඉදිරියට ඇවිද ගියා.

එහෙත් එක්වරම ඔහු ගමන නතර කර අහස දෙසට බැල්මක් හෙලූයේ වීදිය පුරා පැතිරුණු ආලෝකය හිටිවනම නැතිව ගිය නිසා.

විසල් කළු වලාවකින් වැසී ගිය සඳ දුටු හීසන්ග් සුසුමක් හෙලා ඉදිරියට නෙත් යොමු කළේ තව කොපමණ දුරක් යාමට ඇතිදැයි මැනගැනීමට වගෙයි.

නොදැනුවත්වම තමා නියමිත ස්ථානයට පැමිණ ඇති බව වටහාගත් ඔහුගේ මුවේ නැවතත් සුන්දර සිනහවක් ඇඳුණා.

පය ඉක්මන් කර හීසන්ග් ඉදිරියෙන් වූ පදික මාරුව වෙත ගියා.

වීදියේ අනෙක් පස වූ උද්‍යානයේ පිවිසුම අසළ සිටින තම මිතුරියව ඔහු දුටුවේ එවිටයි....ඇය ද එවෙලෙහිම ඔහුව දුටුවා.

සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඇය හීසන්ග්ට අත වනද්දී ඔහු ද පෙරළා අත වැනුවේ හදවත පිරී ඉතිරී යන තරමේ ප්‍රීතියකින්.

අඬ අඳුරේ වුවත් ඈතට දිස්වන ඇගේ රූමත් මුහුණ දෙස බලමින්ම හීසන්ග් වීදියේ අනෙක් පසට ඇවිද ගියා.

ඔහුට දැනුණා සිය හදවතේ වේගය වැඩි වන අයුරු......මෙතෙක් වෙලා හදවතේ තිබුණු ඝෝෂාව සිය දහස් ගුණයකින් වැඩි වන අයුරු......නිවැරදිව කිව්වොත් මේ මොහොතේ ඔහුගේ මනස උන්නේ සිහියත් අසිහියත් අතර දෝලනය වෙමින්.....අවට ගැන කිසි කල්පනාවක් නොතිබුණත් ඔහු දැන සිටියා ඊට හේතුව ඇයම බව.

එක්වරම දෑත් වනමින් ඇය යමක් පැවසීමට තනන අයුරු ඔහු දුටුවා. එය පැහැදිලිව නෑසුනත් ඔහු බිය වුණා ඇයට කරදරයක් සිදු වේ දැ යි.

ඇය ගැනම සිතමින් උද්‍යාන පිවිසුම අසලට දිවු හීසන්ග් දැන සිටියේ නෑ ඇය පවසන්නේ ඈතින් එන ට්‍රක් රථය ගැන බව. අවට ලෝකයම අමතක කර සිටි හීසන්ග් ඒ ගැන දැනගනිද්දී ඔහු ප්‍රමාදයි.

මධ්‍යම රාත්‍රිය නිසාවෙනුත්, පාර ඉතා පාලු ස්වභාවයක් ගත් නිසාවෙනුත් බොහෝ වේගයෙන් පැමිණි ට්‍රක් රථ රියදුරුටද තම වේගය පාලනය කර ගැනීමට අපහසු වුණා.

තවත් මොහොතකින් වේගයෙන් ආ ට්‍රක් රථයේ හැපී හීසන්ග් පසෙකට විසි වුණේ ඔහුගේ මිතුරිය ගල් ගැසී එතනම බලා සිටිද්දී.

මද වෙලාවකින් පියවි සිහියට පැමිණි ඇය,දැනටමත් ලේ විලක් මැද නිසොල්මනේ වැතිර සිටින හීසන්ග් වෙතට දුව ගියේ දෑසින් කඩා හැලෙන කඳුළු ගැන තැකීමක් නොකර.

I never thought that I would find a way out
I never thought I'd hear my heartbeat so loud
I can't believe there's something left in my chest anymore
But goddamn, you got me in love again


✍Choco Bee

Love Again [Completed]Where stories live. Discover now