Abandonment

64 22 11
                                    

උදෑසනින්ම කොලේජ් යන්න සූදානම් වුණු හීසන්ග් සුපුරුදු ලෙස කැඩපත ඉදිරියට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදෑසනින්ම කොලේජ් යන්න සූදානම් වුණු හීසන්ග් සුපුරුදු ලෙස කැඩපත ඉදිරියට ගියා.

හැම දෙයක්ම සර්ව සම්පූර්ණයි.......එක් දෙයක් හැරෙන්නට.

හැම දෙයක්ම හොඳින් තිබුණා......හීසන්ග් කැඩපතින් සිය දෑස් දකින්ට පෙරාතුව.

සිය රතු පැහැති දෑස්.......මින් පෙර මිය යන්න සිටියවුන්ගේ ඔහු දුටු ලෙසම.

ඔහු බිය වුණා අසීමිතව......විකල් සිහි ඇත්තෙක් ලෙසින්.

එය ඇතැම් විට කැඩපතේ වරදක් විය හැකියි. තමා දුටු මායාවක් විය හැකියි.

ඔහු සිතුවේ එලෙස.

කලබලයෙන්ම ඔහු ලාච්චු පිරික්සුවේ ඔහු සතුව තිබූ කුඩා කණ්ණාඩිය සොයා ගැන්මට.

අවසානයේ බොහෝ ලාච්චු පිරික්සා එහි වූ දෑ අසිහියෙන් මෙන් විසි කර ඔහු එය සොයාගත්තා.

එහෙත් ප්‍රතිඵලය.......,

එය පෙර පරිදිමයි. රතු ඇස්........මරණයට නියම වූවෙකුට හිමි රතු ඇස් මෙවෙලෙහි ඔහුට හිමිව තිබුණා.

හීසන්ග් සයනය මතට ඇද වැටුණේ පණ නැත්තෙකු සේ යි.

මරණය........?

එය දැන්මම තමාට උරුමද?

මතකයි ඔහුට පෙර සිදු වූ රිය අනතුර නිසා තම මව දුක් වූ තරම.......ඔහු දන්නවා ඈ තමාට කොපමණ ප්‍රේම කරනවාද යන වග.

අනෙකා යූහි........ඇය කියනා පරිද්දෙන් මින් පෙර ඔහුට පෙම්වතියක් නොසිටියා ලු. එහි අරුත තම සිතේ ඇති වූ කුලුඳුල් ප්‍රේමය ඇයට හිමි බව නොවේද?

ප්‍රේමය අතහැර මෙතරම් ඉක්මනින්......මෙතරම් ඉක්මනින් කෙසේ යන්නද ඔහු.

Love Again [Completed]Where stories live. Discover now