Girlfriend

72 24 11
                                    

-"මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද?"

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

-"මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද?"

-"මොකක්ද?"

-"මං ඇහුවෙ මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද කියල. මං කිව්වෙ කවදමහරි දවසක."

රතු පයින් ගස යට බංකුවේ හිඳි හීසන්ග් අසළ සිටි යූහිගෙන් විමසද්දී යූහි නැවතත් අසරණ වුණා.

-"දන්නෙ නෑ."

-"දන්නෙ නෑ? ඒත් ඔයා මගෙ හොඳම යාලුවා නම් ඒ ගැන දැනගෙන ඉන්න එපැයි."

-"ඒ වගේ දේවල් කතා කරන්න තරම් අපි සමීප වෙලා හිටියෙ නෑ."

-"ඔහ් ඒකත් එහෙමද? ඒත් අම්මා කිව්ව විදියට නම්.......ආහ් කමක් නෑ."

දවස් ගත වුණේ හීසන්ගේ සහ යූහිගේ මිතුදම නැවතත් හෙමි හෙමින් ගොඩනැගෙමින්. මේ අතරේ හීසන්ගේ හිතේ යූහි ගැන මිතුදමට එහා ගිය හැඟීමක් දලුලමින් තිබ්බා. ඒ වුණත් යූහි ඉදිරියේදී ඒ ගැන අඟවා නොසිටීමට තරම් ඔහු කල්පනාකාරී වුණා.

ඔහු සිනාසුණා අන් කවරදාටවත් වඩා........ඇගේ දඟකාරකම් හමුවේ.

ඔහු සතුටින් සිටියා අන් කවරදාටවත් වඩා..........ඇගේ සිනහව හමුවේ.

ඔහු සැහැල්ලුවෙන් සිටියා අන් කවරදාටවත් වඩා.......ඈ හමුවේ.

මෙවන් දේ පෙරදීත් වුණා යැයි සිතෙන තරමට ඔහු ඈ සමඟ සතුටින් සිටියා.

ඇතැම් විට ඒවා පෙරදීත් වෙන්න ඇති. ඔහුගේ අහිමි වුණු මතකයන් තුළ ඒවා ගැබ් වෙන්න ඇති. තවමත් ඒ මතකවල අනෙක් කොටස්කාරිය ඒවා හිතේ තියාගෙන ඉන්නවා ඇති.

ඉදින් යූහි පැවසූ නැවත ඇරඹුම මෙයම වෙන්න ඇති.

එහෙත් එක් දෙයක්......එකම එක් දෙයක් නිරන්තරයෙන් හීසන්ග්ව නොසන්සුන් කළා.

පෙර දින පාරේ යද්දි හීසන්ග් දුටුවේ නිල් පැහැ ඇස් ඇත්තෙක්ව. ඔහුට සිහි වුණා මැදිවියේ කතගේ වදන්.

"නිල් ඇස් ~ කෙනෙක්ව මරන්න ඉන්න අයගෙ ඇස් නිල් පාටයි."

කෙතරම් ගණන් නොගෙන සිටීමට උත්සාහ කළ ද හීසන්ගේ සිත තවමත් ලාමකයි. මිය යෑමට සිටින අයෙකුගේ දිවි බේරා ගැනීමට හැකියාව තිබියදීත් නිකරුණේ බලා හිඳීමට ඔහුගේ සිත ඔහුට ඉඩ දුන්නේ නෑ.

එනිසාම ඔහු ඉහත කියු පුද්ගලයාව ලුහුබැන්ඳා.

මද දුරක් යද්දී එක්වරම ඔහු නැවතුණේ කවුරුන්හෝ ඔහුගේ අතින් අල්ලා ගත් නිසා. හැරී බලද්දී ඔහු දුටුවේ තමන් දෙසට දැඩි බැල්මක් හෙළා සිටි මල් විකුණන කාන්තාව.

-"සොබාදහම වෙනස් කරන්න කාටවත් බෑ. මරන එකවත් මැරෙන එකවත් නවත්තන්න ඔයාට බෑ....... ඒක කාටවත්ම බෑ. ඕනිම නම් ඔයා ඔය කරන්න යන වැඩෙන් ඒක කල් යයි."

-"එහෙනම් මොකටද මට මෙහෙම හැකියාවක් ලැබුණෙ? "

-"කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ඇයි ඔයාගෙ ඇස් පේන්නෙ කියල?"

හීසන්ගේ පැනයට කාන්තාව ද පැනයකින්ම පිළිතුරු දෙද්දී ඔහු ළඟ පිළිතුරක් තිබුණෙ නෑ.

-"ඒකත් දෙවියන්ගෙ තේරීමක්. ඔයාට ඔයාගෙ හැකියාවෙන් දවසක ප්‍රයෝජනයක් ලැබෙයි. එතකල් ඉන්න."

එලෙස වරින් වර හමු වන රතු ඇස්, නිල් ඇස් තැනැත්තන් නිසාවෙන් හීසන්ග් නොසන්සුන් වුණා. හිතේ එක් පැත්තකින් ඔවුන්ව ලුහුබඳින්නැ යි කියද්දී අනෙක් පසින් ඔවුන්ව නොදැක්කා සේ සිටින්න යැ යි මොර දුන්නා.

ඒ හැම මොහොතකම හිතේ සිදු වන සිතුවිලි සටන හමුවේ ඔහු අසරණ වුණා.

I can't believe, I can't believe
I finally found someone
I'll sink my teeth in disbelief
'Cause you're the one that I want
I can't believe, I can't believe
I'm not afraid anymore
Goddamn, you got me in love again


✍Choco Bee

Love Again [Completed]Opowieści tętniące życiem. Odkryj je teraz