A secret

68 23 28
                                    

සවස හතර වීමට තවත් මිනිත්තු දහයක් ඉතිරියි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

සවස හතර වීමට තවත් මිනිත්තු දහයක් ඉතිරියි.

වරින් වර අත බැඳි ඔරලෝසුව වෙත නෙත් යොමමින් හීසන්ග් උන්නේ නොඉවසිල්ලෙන්.

-"ඔයා කලින්ම ඇවිත්."

අනෙක් පසින් ඇසුණු කටහඬ නිසා හීසන්ග් එදෙස බැලුවා.

එතැන සිටි ඔහුට උදෑසන හමු වුණු මැදිවියේ කත හීසන්ග් දෙසට පැමිණ ඔහු අසළින් අසුන් ගත්තා.

-"ඉතින්......මොකක්ද ඔයාගෙ නම."

-"හීසන්ග්......ලී හීසන්ග්. මට කියන්න මට පිස්සු හැදිලද? මට විකාර පේනවා. ඔයා ඒවා ගැන දන්නවා නේද ?"

-"දන්නවද සමහර වෙලාවට අවාසනාවන්ත දේවල් නිසා වාසනාවන්ත දේවලුත් වෙනවා. ඒත් මේ වෙලාවෙ නම් හරියටම කියන්න බෑ වාසනාවන්ත දෙයක් නිසා අවාසනාවන්ත දෙයක් වුනාද කියල."

-"ඒ කිව්වෙ? මට තේරුනේ නෑ."

-"ඔයා ඒ දකින රතු ඇස් තියෙන මිනිස්සු මැරෙන්න ඉන්න අය?"

-"මොකක්? ඔයා විහිලු කරනවද?"

-"විහිලු වගේ පේන හැම දෙයක්ම විහිලු නෙවෙයි."

-"ඒත්....ඒත් මට මේ මුකුත් තේරෙන්නෑ."

-"ඔයා වතාවක් මරණයෙන් ගැලවුණු කෙනෙක්. ඉතින් ඔයාගෙ වාසනාවට හෝ අවාසනාවට ඔයාට හැකියාවක් ලැබිලා තියෙනවා මැරෙන්න ඉන්න අය වගේම මරන්න යන අඳුර ගන්න."

-"ඒ කියන්නෙ හොස්පිට්ල් එකේදි හම්බුනු කෙනා.....එයා.....එයා හිටියෙ මැරෙන්න. ඒ නිසයි එයාගෙ ඇස් රතු පාට වුණේ."

-"ඔයාට ඉස්සරහට හමුවෙයි නිල් ඇස්. නිල් ඇස්වලින් කියන්නෙ ඒ කෙනා කෙනෙක්ව මරන්න ඉන්නවා කියලා."

-"දැන් ඔයා කියන්නෙ මට සුපිරි බලයක් තියෙනවා කියල. ස්පයිඩර් මෑන්, සුපර් මෑන් වගේ."

-"කැමති නම් ඔයාට එහෙම හිතන්න පුලුවන්."

-"ස්පයිඩර් මෑන්ට එහෙම වුණේ මකුළුවෙක් දෂ්ඨ කරපු නිසා. එතකොට මට මෙහෙම වුණේ ඇක්සිඩන්ට් එකක් නිසා. වාහ්.....ඒ කියන්නෙ මරණෙන් බේරෙන හැමෝටම මෙහෙම වෙනවද? දේබක්.....මං දැන් සුපිරි වීරයෙක්."

හීසන්ගේ හඬේ ගැබ් වෙලා තිබුණෙ උපහාසයක්.

-"මතක තියාගන්න. මේ ලෝකෙ කිසිම දෙයක් නිකන් ලැබෙන්නෙ නෑ. හැම දේකටම ගෙවීමක් කරන්න වෙනවා."

-"ඒ කියන්නෙ මට මේ වෙනුවෙන් මොනාහරි දෙන්න වෙනවා. කාටද? කොහොමද? හහ්...."

-"ඔයා දැනටමත් ගෙවීම කරල ඉවරයි."

-"ආ......"

-"ජීවිතේ වටිනම,ලස්සනම මතකයන්."

කාන්තාව එහෙම කිව්වෙ වචනෙන් වචනෙ බර කරලා.

-"ඔයා කියන්නෙ මට මතක නැති කාලෙ වුණු දේවල් ලස්සන මතකයන් කියලද?"

-"වෙන්න පුලුවන්."

-"ඒත් මට ඒ කිසි දෙයක් මතක නෑ."

-"මතක් කරන්න උත්සහ ගන්න. සමහරවිට ඔයාට ගොඩක් වටින දේවල් ඒ ඇතුළෙ තියෙන්න පුලුවන්."

-"මට......මට මේ බලය ඕනි නෑ. මට ඒ දේවල් මතක් කරගන්න ඕනි."

-"ඒක කරන්න පුලුවන් ඔයාටම විතරයි."

එලෙස කියු කාන්තාව එතනින් යද්දි හීසන්ග් දෑත් අතර මුහුණ හොවා ගත්තා.

Show me that heaven's right here, baby
Touch me, so I know I'm not crazy
Never have I ever met somebody like you
Used to be afraid of love, and what it might do
But goddamn, you got me in love again

✍Choco Bee

Love Again [Completed]Onde histórias criam vida. Descubra agora