මාස හතක් ගෙවිලා ගිහින්.
ජියොන් මැදුරේ වෙනස් වෙච්ච දෙයකට කියලා තිබ්බේ කලින් හිටපු රස්තියාදුකාර ජියොන් පවුලේ උරුමක්කාරයා දැන් වගකීමක් දරන්න පුලුවන් කෙනෙක් බවට පත්වෙමින් ඉන්න එක විතරයි. ඒක හොද දෙයක්.
අනික් අතට හැමෝටම රහසක් වෙච්ච ජියොන් ජන්කුක්ගේ විවාහ ජීවිතේනම් තාමත් මාස හතකට කලින් තිබුණ විදියමයි.
තාමත් උඩු හිතට වහල් වෙලා ජින්ට නොසෑහෙන්න කරදර කරන්න ජන්කුක් දෙපාරක් හිතන්නේ නෑ. ඒත් මොකද්දෝ හේතුවකට ජින්ට අත උස්සන්න ජන්කුක්ට හයියක් නෑ. එහෙම හැගිමක් එන හැම වෙලාවකම ජන්කුක් ඒ හැගීම යටපත් කරගන්නේ අත ලග තියෙන දෙයක් පොලොවේ ගහලා.
ඒත් සති දෙක තුනක තිස්සේ ජින්ගේ පොඩි පොඩි වෙනස්කම් ජන්කුක්ට දැනෙන්න පටන් අරන්.
ගෙවිච්ච මාස ගානටම කිසිම දෙයක් ඉල්ලපු නැති ජින්, පලවෙනි වතාවට ජන්කුක්ගෙන් දෙයක් ඉල්ලුවා.
මහ ලොකු දෙයක් නෙවෙයි.
රෑට නිදාගන්නකොට සීතලට පෙරවගන්න බ්ලැන්කට් එකක්.
ඒ අහිංසක ඉල්ලීම අහක දාන්න තරම් ජන්කුක්ගේ උඩුහිත වත් දරුණු උනේ නම් නෑ.
ඊට අමතරව තවත් ඉල්ලීමක් ජින් කරා.
ඒ තමයි හැම සෙනසුරාදා හවසකම එයාට පොඩ්ඩක් එලියට යන්න දෙන්න කියලා.
සතියේ දවස් වල ජින්ට ගෙදරින් එලියට යන්න ඕන තරම් ඉඩ තිබ්බේ ජන්කුක් උදේට ගෙදර නැති නිසා. ඒත් සෙනසුරාදා ජන්කුක්ගේ නිවාඩු දවස නිසා ජින් එදා දවසම ගෙදරට වෙලා ඉන්නේ ජන්කුක්ට මොනවාහරි ඕන උනොත් ඒවා වෙලාවට දෙන්න ජින් ඉන්න ඕන නිසා.
ජින්ගේ ඉල්ලීමට වැරැද්දක් කියන්න බැරි නිසා ජන්කුක් ඒකටත් අවසර දුන්නේ දවසක හොරාට ජින්ව ෆලෝ කරලා කොහෙද යන්නේ කියලා බලාගන්නවා කියන අදහස හිතේ තියාගෙනමයි.
හිතුවා වගේම දවසක් ජින්ව ෆලෝ කරපු ජන්කුක් දැක්කේ එයාගේ තුන් හිතකවත් දකින්න අදහසක් නොතිබුණ දෙයක්.
ඒ තැන ජන්කුක්ට හුරුපුරුදු තැනක්. මොකද ජන්කුක් වදෙන් පොරෙන් උනත් හැම අවුරුද්දකටම එක වතාවක් මෙතනට එනවා.
YOU ARE READING
Contract | Jinkook || Sinhala
Fanfiction_¢໐๓plētē໓_ ~ I made changes but I didn't do it with you in mind.. But in the end you left me making me think so much about you.. Even now I'm afraid to say your commitment.. But I know you are not angry with my.. ~ ~A Jinkook story~ ~...