Epilogue

567 107 96
                                    


~වසර 10 කර පසු~

ජියොන් ජන්කුක්!!!

ඒ නම ඇහිලා නැති කෙනෙක් දකුණු කොරියාවෙ නම් ඉන්න විදියක් නෑ. මොකද ජන්කුක් කියන්නේ එහේ ඉන්න වැඩිම ආදායමක් ලබන බිස්නස්මන්ලා අතරින් ඉහළින්ම ඉන්න කෙනෙක්.

ඊටත් අමතරව ජන්කුක් විශේෂයෙන්ම හැමෝම අතර ප්‍රසිද්ධ එයාගේ  'SJ Project ' එක නිසා. ළමා නිවාසවල ඉන්න වගේම රට පුරාම දුප්පත් පවුල්වල ඉන්න චූටි ළමයින්ට අධ්‍යාපන ඉවර වෙනකන්ම ඕන හැම වියදමක්ම දරන්නේ මේ SJ Project එක මගින්.

ඒ වගේම විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ටත් උදව් කිරීම තමයි මේ එකේ මූලික අරමුණ.

මුලදි ජන්කුක් පොඩියට පටන්ගත්තු මේ ප්‍රොජෙක්ට් එකට අදට අවුරුදු 10 ක්. ඒ කාලේ තිබ්බට වඩා දැන් මේක දස දහස් ගුණයකින් ශක්තිමත්. මොකද රටේ ඉන්න ගොඩක් බිස්නස්මන්ලා, සෙලිබ්‍රිටීස්ලා මේ ප්‍රොජෙක්ට් එකට ජන්කුක් එක්ක එකතු වෙලයි ඉන්නේ. 


No one's pov

"කුක්!!"

"නම්ජුන් හ්‍යුන්ග්!!" ජන්කුක් එයා ලගට ඇවිදගෙන ආව එයාට වඩා ටිකක් උස කෙනාව බදාගත්තේ මූණේ ලොකු හිනාවක් එක්කමයි.

"කොහොමද කුක්? අවුරුදු ගාණකින්නේ දැක්කේ." ජන්කුක්ගේ උරහිස් දෙක උඩින් අත් තියාගෙනම ඒ කෙනා ඇහුවේ ජන්කුගේ යට ඉදන් උඩටයි, උඩ ඉදන් යටයටයි හොදට ස්කෑන් කරන ගමන්.

"මම හොදින් හ්‍යුන්ග්. හ්‍යුන්ග්ට කොහොමද? ජිමිනි හ්‍යුන්ග් ආවෙ නැද්ද?"

"එයාලා තව ටිකකින් එයි කුක්. අද අපේ පොඩ්ඩගේ බර්ත්ඩේ එකනේ. එයා ලොකු ලොකු පාර්ටි දාන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ හින්දා ජිමින් එයාව පාර්ක් එකට එක්කන් ගියා ටිකක් සෙල්ලම් කරන්න කියලා. දැන් මග එනවා ඇති." නම්ජුන් හිනා වෙවී කිව්වේ.

නම්ජුන්, එහෙමත් නැත්නම් කිම් නම්ජුන්, ගොඩක් දක්ෂ ඩොක්ටර් කෙනෙක්. දක්ශයි වගේම හරිම හිත හොදයි. SJ Project එක පටන්ගත්ත කාලේ ඉදනම ජන්කුක්ට හැම දේකටම උදව් කරපු කෙනෙක්. කොටින්ම කිව්වොත් ජන්කුක්ගේ සහෝදරයෙක් වගේ. මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරමු කියලා මුලින්ම අදහස ආවෙත් මේ නම්ජුන්ට තමයි.

Contract | Jinkook || SinhalaWhere stories live. Discover now