From Jin

495 101 44
                                    


ආදරණීය ජන්කුක් වෙත,

මේක ඔයාගේ අතට ලැබුණා කියන්නේ මම මේ ලෝකේ තවත් නෑ කියන එක. ඒත් මට කවදාවත් ඔයාව දාලා යන්නනම් බැරිවෙයි. ඒ හින්දාම තමයි මං හැමදාම වගේ ඔයා දිහා ඈතින් ඉදන් බලන් ඉන්නේ.

කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා.

මට කතා කරන්න පුලුවන් වෙලා තිබ්බනම් සමහරවිට මීට කලින් මේ දේවල් ඔයාට කියන්නත් ඉඩ තිබ්බා.

ඔයාට මතකද මේ ලියුම ඔයාට ගෙනැත් දුන්න කෙන? මතක නැතුව ඇති නේද?

මාත් ඉතින් මොනවා අහනවද මන්දා. ඔයාට ඉතින් කොච්චර වැදගත් වැඩ තියෙනවද නේද. කමක් නෑ මම කියන්නම්. එයා තමයි මම හිටපු කාලේ මට කිට්ටුවෙන්ම හිටපු කෙනා. එයත් පොඩි කාලේ ඉදන්ම මාත් එක්කමයි එකට හැදුණේ. දන්නවද එයා ගොඩක් වාසනාවන්තයි. එයාට ලස්සන පුංචි පවුලක් තියෙනවා. හරියට මම හීන මැව්ව වගේ එකක්. ලගදිම එයාගේ ලස්සන පවුලට චූටිම චූටි හොබී කෙනෙක් හරි ටේටේ කෙනෙක් හරි එකතුවෙයි. මට එයාලව දකින්න බැරි වුණ එකට පොඩි දුකක් නැත්තෙමත් නෑ. ඒත් මම දැන් ඉන්නෙ ගොඩක් සතුටින්.

ඇයි දන්නවද ජන්කුක්?

මොකද මම තාමත් ඔයාගේ හස්බන්ඩ්නේ! මට සතුටුයි කන්ට්‍රෑක්ට් එක ඉවර වෙන්න කලින් මට ඔයා ඉන්න ලෝකේ දාලා යන්න වුණ එක ගැන. කොහොමත් ඒක වෙන්න තිබ්බ දෙයක් ඉතින්.

කොහොම වුණත් මට සතුටුයි මම ජියොන් ජන්කුක්ගේ හස්බන්ඩ් විදියට මේ ලෝකේ දාලා ගිය එක ගැන.

ඒ කතාව පැත්තකින් තියමුකෝ.

ඉතින් ජන්කුක්,

මෙච්චරකල් ඔයාව දැක්කට, ඔයත් එක්ක එක ජීවත් වුණාට මම කවදාවත් ඔයාට මාව අදුන්වලා දීලා නෑනේ.

මේකෙන්වත් මම ඔයාට මාව අදුන්වලා දෙන්නම්.

හායි ජන්කුක්!!

මම සොක්ජින්.

නිකන්ම නිකන් සොක්ජින්. මොකද අනිත් අයට වගේ මගේ නමේ ඉස්සරහට තවත් කොටසක් නෑ. ඒ හින්දා මම හිතන්නේ මම ගොඩක් විශේෂයි කියලා.

මේක ලියනකොට මට වයස 24යි. ඔයාට වඩා අවුරුදු 2 ක් බාලයි මම.

ඔයාට නම් මතකද දන්නේ නෑ. ඒත් ඔයාව මුලින්ම දැකපු දවස මට අද වගේ මතකයි. එතකොට මට 5 යි. ලස්සනම ලස්සන ලොකු වාහනයක් අපේ ළමා නිවාසේ ඉස්සරහා නැවැත්තුවා. හැම කෙනෙක්ම වගේ කාර් එක දිහා පිස්සුවෙන් බැලුවත් මගේ ඇස් ගියේ ඒකෙන් බැහැලා ආපු ලස්සන කුමාරයාට. හෝව් හෝව්. ඔච්චර උඩ යන්න එපා. ඒ ඔයා තමයි ඉතින්.

Contract | Jinkook || SinhalaWhere stories live. Discover now