දැන් මොකටද අම්මා අපිව එක්කන් හොංකොං යන්නෙ? ලැජ්ජා හිතුනද නැත්තන් ලැජ්ජ කරවන්න එක්ක යනවද දන්නෙ නෑ..
හරි හරි එයා ගැන අමතක කරන්නකො....ඔයා කොහෙද ගියෙ බලන්න මඩ නාලා...
මන් අම්මගෙ අත් දෙක අල්ලගත්තා ..
හ්ම්ම්...එලියෙ වහිනවා මඩවෙලා...ඒත් ඔයා දන්නවද මේ අපායට වඩා එලියෙ ලස්සන ලෝකයක් තියනවා..ජෙනි කිව්ව විදිහට කසාදයක් කඩාගත්තු ගෑනුන්ට ජීවත් වෙන්න අමාරුයි නම් ඒ වෙන කාගෙන් වත් නෙවෙ අපේ තාත්තා වගේම මිනිස්සුන්ගෙන් කියලා හිතෙනවා අම්මා..
මටතේරෙන්නෙ නෑ මන් ඔයාට මොනවද කියන්න ඕනා කියලා ...ජෙනි කිව්වා වගෙ මට ඔයාව ආරක්ශා කරගන්න හයිය මදි ඇති...ඒත් මට ඔයා මෙහෙම විදවනවා බලන්න ඊට වඩා හයිය නෑ..
අම්මා දන්නවද මට ඉස්කෝලෙ ලමයි කතා කරන්නෙ කොහොමද කියලා....අම්මා ලමයි හිතන්නෙ මට සල්ලි තියන නිසා මන් අහංකාර වෙලා කියලා ...ඒත් කවුරුත් දන්නෙ නෑ අම්මා මන් බැදීම් වලට බයයි කියලා ...කවුරුත් දන්නෙ නෑ බැදීමක් රකින්න බැරි උනහම ඒකේ තියන වේදනාවට මම බයයි කියලා...වැඩක් නෑ අම්මා ඔව්වා කතා කරලා..මට මේ හැමදේම ඇති වෙලා තියෙන්නෙ..
එහෙම කියන්න එපා පුතා...මන් දන්නවා මගෙ පුතාට මෙ දේවල් නිසා මහන්සී කියලා ඒත් ඔයා කවදා හරි මේ ලෝකෙ මිනිස්සුන්ට එකතු වෙන්න ඕනා...ඔයාගෙ අම්මගෙ හීනෙට යන්න ඕන නම් ඔයාට තනියම ඒක කරන්න අමාරුයි පුතා..මේ ලෝකෙ හැම මිනිහම තාත්තා වගේ නෑ...
මන් තවත් එතනම හිටන් ඉන්නෙ නැතිව අම්මගෙ පුපුරපු තොල්පට දිහා බලන් ඉදලා කාමරේට ගියා....
මන් තනිකරම හිගන්නෙක් වගෙ...වතුර බේරිලා කකුල් දෙක දුඹුරුම දුඹුරු පාටයි..ඔලුවෙ කිලුටු ගද ඊට එහා..මන් දහපාරක් විතර ඔලුව ශැම්පු කෙරුවා....ඇත්තටම මගෙ ඔලුවෙ කිලුටු ගද ශැම්පු සුවදින් වහන්න පුලුවන් ඒත් මගෙ තාත්තගෙ අපිරිසිදු වෙච්ච ආත්මය???ඒක කවදාවත් හෝදලා පිරිසිදු කරන්න පුලුවන්ද....එයා සම්පූර්නයෙම්ම පව් වලින් අශුද්ද වෙලා උන්නා...
මොන මගුලට ඒ පාර එක්ක යන්න හදනවද දන්නෙ නෑ.. අම්මගෙ මූන මතක් වෙන මතක් වෙන මතක් වෙන වාරයක් ගානෙම මගෙ හිතට තාත්තා එක්ක තිබුන තරහව එන්න එන්න වැඩි වෙනකොට ඒ තරහව වෛරයක් බවට පත් උනා..මම තිබ්බ තරහටම හෑන්ඩ් ශවර් එකෙන් බාතෲම් එකේ මුලු බිත්‍තියම තෙමුවා....