59වන කොටස❤️💚

1.9K 472 139
                                    

අපි දෙන්නම උන්නෙ එමරාටියගෙ හොටෙල් එක ඉස්සරහ .....අහස උසට තට්ටු ගානක් ඉහලට නැගිච්ච මගෙ අම්මගෙ මිනිමරුවගෙ හොටෙල් එක ඉස්සරහා..ඇත්තටම මේක එක්ක තාත්තගෙ  හොටෙල් එක ලගින් වත් තියන්න බෑ මොකද ඒ තරමටම ලස්සනයි.....

ඉස්සරහින් පේන නිල්ම නිල්පාට මූද පිටිපස්සෙන් පේන ෆුජේරා කදු වැටිය ගෙඩි වලින් බර  වෙච්ච් ඉදිගස්

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ඉස්සරහින් පේන නිල්ම නිල්පාට මූද පිටිපස්සෙන් පේන ෆුජේරා කදු වැටිය ගෙඩි වලින් බර  වෙච්ච් ඉදිගස්....පාට පාට මල් වගේම වැඩි හරියක්ම තිබුනෙ ශැම්පේන් ගස්...මන් හිතන්නෙ තව වැඩි කාලයක් නොයා මේ එමරාටි මිනිස්සු කාන්තාරෙ පරද්දලා කහම කහපාට වැලි කදු වෙනුවට කොලම කොලපාට ජීවයෙන් පිරුන ගස් වලින් පිරිච්ච එමීරයක් බිහිකරයි....පාලකයා හොදයි නම් හැම රටක්ම සශ්‍රීකයි....ශුද්ධවු අල් කුරාන් එකේ නීතීය අකුරටම පිලිපදින මේ මිනිස්සු සමහර විට මේ තරම් පෝසත් වෙන්නෙ ඒ ආශිර්වාදයත් එක්ක වෙන්න ඇති ..සුදු චරිත අස්සෙ කලු චරිත නැතුව නෙවෙ..හැබැයි මන් මෙතනදි කතා කෙරුවෙ සුදු චරිත ගැන විතරයි ...

ඒත් මිහිපිට ජීවත් වෙන ඕනම මනුස්සයෙක් ගාව කලු පැල්ලමක් අනිවාර්යයෙන්ම තියනවා ...හැබැයි අපිට පුලුවන් නම් අර් කලු පැල්ලම අමතක කරලා සුදු පැත්ත දිහා බලන්න ඇත්තටම එහෙම උනා නම් මේලෝකෙ දුක කියන්නෙ මොකක්ද කියන එක දැලක් දාලාව්ථ් හොයා ගන්න බැරි වෙනවා..ඒත් කරුමෙ කියන්නෙ අපෙ තාත්තා ගාව සම්පූරනම තිබුනෙ කලු පැල්ලම් ගොඩක්ම විතරක් වෙනකොට සුදු හුනු ගාලවත් ඒ පැල්ලම් යවන්න බැරි තරමට තාත්තා ආත්ම ශරීර පිටිම්ම කිලිටි වෙලාගියපු මනුස්සයෙක් උනා..අවංකවම කිව්වොත් මේ ලෝකෙ මන් වැඩිපුරම වෛර කරන චරිතයක් උන්නා නම් ඒ තාත්තා විතරක්ම උනා...මම සාප කරන චරිතයක් උන්නා නම් ඒ තාත්තා විතරක්ම උනා...අවංකවම මැරෙන්න යන මොහොතෙ හතුරෙක් උනත් වතුර උගුරක් ඉල්ලුවොත් නොදී ඉන්නෙ නැති උනත් මගෙ තාත්තා මගෙ කකුල් ඉස්සරහා මැරෙන්න වැටුනත් මම නම් වතුර තියා ඇහැක් ඇරලා බලන් නෑ..මොකද ඒ තරමට මම ඒ මනුස්සයට වෛරකරනවා ....

MASTER CHEF🍻🍽️(complete yizhan Ff)Место, где живут истории. Откройте их для себя