Chapter 4

349 120 10
                                    

"ඇත්තටම මීට කලින් කවදාවත් දැකලා නැති ලස්සනක්"
ජන්කුක් තමන්ටම ඇහෙන නෑහෙන ගානට කියා සිටියේ මද සිනහවක් පාමින් හා තමා ඉදිරියේ සිටින දුටුවන් වශීකරගත් නිරූපණ ශිල්පිනියට තවත් අවධානය දෙන ගමන්.

බලාපොරොත්තු වුනු විදියටම ඇදුම්වලට ලැබුනු ඉල්ලුම ගොඩක් වැඩි වෙමින් ආදුනික නිරූපණ ශිල්පිනියවද පැමිණ සිටි බොහෝ ධනවතුන්ගෙ ඉල්ලුමට ලක්වුනා.
ටේහියුන් නව විලාසිතාවන්ගෙන් යුතු ඇදුම් වල අලංකාර සියල්ලන්ම ඉදිරියේ නිරූපණය කලේ ඔහුගේ සිහින් සිරුරෙන් විවිධ හැඩ මවමින්‍.
ප්‍රදර්ශනය අවසන් වී නැවත නිවස වෙත යාමට සූදානම් වෙමින් සිටි ටේහියුන් ලගට හැඩිදැඩි පුද්ගලයා සමග ඔහුගේ සහයකයාද ආවේ ප්‍රශංසනීය සිනහවක්ද සමගයි.

"හිතාගන්නත් බෑ ලමයෝ...හැමදේම මං හිතුවටත් වඩා හොදට කලා...ලස්සන වගේම ඇත්තෙන්ම දක්ශකමත් ඒ වගේම තියෙනවා හරියට වෘත්තීයමය නිරූපණ ශිල්පිනියක් වගේමයි...දැක්කද තිබුන ඉල්ලුම අමතක නොවෙන දවසක් වෙයි අදනම්"
හැඩිදැඩි පුද්ගලයා ඉතා උද්යෝගයෙන් ටේහියුන්ගේ පිටට තට්ටුවකුත් දමමින් කියද්දි පිටිපස්සෙ ඉදපු ඔහුගේ සහයකයාද ප්‍රශංසනීය සිනහවක් සමග ඔහුට එකග වුනා.
"අනේ මං පොඩි දෙයක්නේ කලේ...බොහොම ස්තූතියි සර්"
හුරතල් විදියට ලැජ්ජශීලී සිනහවක් සමග ටේහියුන් කිව්වේ ගොඩක් සතුටින්.
"ස්තූති කරන්න ඕන මමයි...අහ් මං ජන්ග් හෝසොක්...මෝස්තර නිර්මාණ ශිල්පියෙක්...ඔයා සමහරවිට අහලත් ඇති"
ඔහු ටේහියුන්ට ඔහු ගැන කිව්වා. ලියුම් කවරයක් සහයකයාගෙන් ලබාගනිමින් ටේහියුන්ට දිගුකලේ
"ලමයෝ මේ තියෙන්නේ ඔයාගේ ගාන...මෙතන දෙගුණයක්ම තියෙනවා ඔයා හිතුවට වඩා හොදට වැඩේ කල නිසා"

"අනේ එපා සර් මං කලේ උදව්වක්...මට සල්ලි ඕන නැහැ"

"එහෙම කියන්න එපා ලමයෝ...පිරිමි ලමයෙක් වෙලත් කාන්තාවක් විදියට නිරූපණය කරන එක ලේසි දෙයක් නෙමෙයි...හරි එහෙනන් මේ තියෙන්නේ මං නිර්මාණය කරපු අලුත්ම විලාසිතාවේ ඇදුම...මේකට තමයි අද ඉල්ලුමත් වැඩි...මං දෙන තෑග්ගක් විදියට මේක ගන්න"
හෝසොක් ආයාචනාත්මකව ටේහියුන්ට කිව්වා.
"ඔබ ඇත්තෙන්ම ගොඩක් දක්ශ මෝස්තර ශිල්පියෙක්...ඇත්තටම ගොඩක් ස්තූතියි මට අවස්තාවක් දුන්නට...මං එහෙනන් ගිහින් එන්නම් සර්"
ටේහියුන් එහෙම කියනගමන් ආචාරශීලීව සිනාසෙමින් පිටත් වෙන්න ලෑස්ති වුනා.
"පරිස්සම් වෙන්න දරුවෝ...ඔයා තාම පොඩි කොල්ලෙක් නිසා සමාජෙ ගැන ඒ හැටි තේරුමක් නෑ...දැන් ඉක්මන්ට ගෙදර යන්න"
හෝසොක් ආදරණීයව කියමින් එතනින් යද්දි ටේහියුන්ගේ හිතේ ඇතුවුනේ පියෙක් දරුවෙකුට අවවාද කලා වගේ හැගීමක්.

Someone is the savior || TK [completed ✔]Where stories live. Discover now