Chapter 13

293 116 7
                                    

ජන්කුක්ට හොදින්ම ටේහියුන් ලගට යාමට අවශ්‍ය විය...ඔහුගේ ආදරණීය වදන් නැවතත් ඇසීමටත් ඉක්මනින් ලැජ්ජ වෙමින් රතු වන මුහුන දැකීමට හොදින්ම ජන්කුක්ට අවශ්‍ය වුනත් ඔහුට එය නොහැකි විය...
මෙයද ජන්කුක් සෙවූ ආදරය??...නමුත් ජන්කුක්ට කිසිවක් තේරුම් ගැනීමට නොහැකි විය...එහෙත් ඔහුට සියල්ලටම පිටුපෑමට සිදුවුනේ තමන් ගැනම සිතේ ඇත්වූ වේදනාවත් සමගයි..

දින සති ගනන් ගෙවී යාමත් සමග ටේහියුන් ඔහුගේ කාලය බොහෝ වෙලාවට සේරා සමග ගත කිරීමට පුරුදු වී සිටියේ ඇයගේ තනිකම නැතිකිරීමට සොහොන වටේට තිබූ ලීලී මල් සමගයි...
"බලන්න ඔයා ලස්සනයි...ගොඩක් ලස්සනයි..මට මෙතෙන්ට වෙලා ඉන්න ඕන සේරා...ඔයා දැන් මට බනිනවා ඇති නේද??..."
ටේහියුන් ලස්සනට සිනාසෙමින් ඔහු ඇය වෙනුවෙන් සිතුවම් කරගත් ඇයගේ සිතුවම පෙන්වමින් හෙමීට කිව්වත් ටිකෙන් ටික ඔහුගේ කටහඩ වෙව්ලමින් දෑස් බොදවීමට පටන් ගත්තේ ඔහුටත් නොදැනිමයි..
"ඔයාට මං ආදරෙයි.."
වෙව්ලන කටහඩින්ම ටේහියුන් කදුලු අතරින් ලස්සනට හිනාවුනා..

"ඔයා තවත් කම්මැලි චරිතයක් වෙලා ජන්කුක්...තේරුමක් නැති ජීවිතයක් ඔයා ගත කරන්නේ??..බලන්න පොඩි දේටත් ඔයා අසනීප වෙන හැටි...ඇත්තටම විකාරයක්..මට දැන් ඇතිවෙලා..."
ඇලීනා කිව්වේ නුරුස්සන පෙනුමකින් උස් හඩින්...
නමුත් ජන්කුක් මද සිනහවකින් ඇය දෙස බැලුවේ සිගරට් එකක් තොල් අතර රදවගනිමින්..
"ඇයි තවත් ඉන්නෙ??..ඔයාට පුලුවන් මගෙන් නිදහස් වෙන්න ඇලීනා.."
ජන්කුක් සැහැල්ලුවෙන් හෙමීට කිව්වේ ඇලීනාගේ හැසිරීම නිසා ඔහුට ඔහුගේ ජිවීතය ගැනම ඇතිවුන කලකිරීමත් සමගයි.
"ඔයාට පසුතැවෙන්න වෙයි ජන්කුක්.."
ඇලීනා අහක බලාගෙනම ඇයගේ යටි තොල හපාගනිමින් තදින් කිව්වා.
"ඔව් මං දැනටමත් පසුතැවෙනවා..."
ජන්කුක් කිව්වේ දෑස් පියාගනිමින් ඔහුගේ සිතේ ඇති වේදනාව සගවමින්..
එසේ කියමින් ජන්කුක් ඔහුගේ කබායත් රැගෙන පිටතට ගියේ මදක් හෝ ඔහුගේ වේදනාව අඩු කරගැනීමට..
හරියටම මසකට පෙර ජන්කුක්ට එදා සිටි නර්තන ශිල්පිනියම බැලේ නර්තනයක් යෙදෙන අයුරු දැකීමට හැකිවිය...ඇයගේ සිහින් ඉග අත් පා සියල්ල තාලයකට ගමන් කලේ අසල සිටි සියල්ලන්ගෙම අවධානය ගනිමින්...එහෙත් එදා මෙන් එය රසවිදීමට ජන්කුක්ට කැමැත්තක් නැතිවුනත් ඒ අසලම සිටි වයලින් වාදකයාගේ සංගීතයට ඔහු සවන් දුන්නේ ඉතා ආසාවෙන්...

Someone is the savior || TK [completed ✔]Where stories live. Discover now