Chapter 25 (final)

466 96 31
                                    

"ජන්කුක්...අවුරුදු හතරක්…ඒ තරම් කාලයක් අපි දෙන්නව හොදට බලාගත්තට ඔයාට ස්තූතියි..ඒත් මට මේ දේ කලින් කරන්න බැරි වුනාට සමාවෙන්න.."

"මොනවා ගැනද ඔයා කියන්න හදන්නේ??..."

"මේක ගන්න ජන්කුක්...ඩිවෝස් පේපර්ස්...මම අත්සන් කරලා තියෙන්නේ.."

ජන්කුක් නිහඩවම ඇය සමග සිනහවෙමින් ඇය අතේ තිබුන දික්කසාද ලියකියවිලි වලට අත්සන් කරමින් ඔවුන් දෙදෙනා අතර තිබුන නීත්‍යානුකූල බැදීමෙන් සදහටම නිදහස් වුනා..ඔහුට මීටත් වඩා දෙයක් හිතන්න නොතිබුන තරම්..අවුරුදු හතරක් ඔහු කලේ යුතුකමක් විතරක්ම වුනා..

"මට දුකයි ජන්කුක්...ඒත් ඔයා වැඩිය හිතන්න එපා..මම වගේ කෙනෙක් දුක් විදින්න ඕන...එයාට දැන් අවුරුදු හතරක්..තාත්තා කෙනෙක්ගේ ආදරේ එයාට දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි ජන්කුක්...මට විශ්වාසයි ඔයාට දිගටම සතුටින් ඉන්න ලැබෙනවා කියලා..අද මට ගොඩක් සතුටුයි...දන්නවද ඇයි කියලා..අවුරුදු ගානක් හැමතැනම හොයපු ඇස් දෙක මට අද මුනගැහුනා...මම එයාටගොඩක් දේවල් කිව්වා ජන්කුක්..හරිද වැරදිද මම දන්නෙ නැහැ..ඒත් හැමදේම පැහැදිලි කලා...එයා ඇඩුවා...ගොඩක් ඇඩුවා..ඒ දේ වෙන්න ඕන ජන්කුක්..ඒත් ඒ ඇස් වල තිබුන ආදරේ මම දැක්කා...මට මගේ හිත නිදහස් කරගන්න පුලුවන් විදියට හැමදේම සිද්ද වුනා.."
ඇය ලස්සනට හිනාවෙලා බර සුසුමක් පිටකලා..අවුරුදු ගානක් හොයන නිදහස ඇයට මුනගැහුනා..

"මටත් සතුටුයි ඇලීනා...අන්තිමට ඔයාලගේ අයිතිය..සතුට ඔය දෙන්නට මුනගැස්සුවට..මමත්.. සතුටින් ඉන්න බලන්නම්...ඒත් විශ්වාසයක් නැහැ.."

ජන්කුක් සිහින් හඩකින් තොල් අතර රැදුනු ලස්සන හිනාවක් එක්ක ඇලීනාට කිව්වා..ඒත් ඇය නිහඩවම ඔහුට නිහතමානී සිනහවකින් සංග්‍රහ කලා විතරයි..

"මේ අහන්න...මට මේ සේරම ටික ඕන...ඔයාට පුලුවන්ද මට ඒ ටික හදලා දෙන්න.."

අනර්ඝ ලී වලින් කැටයම් කල තිබූ කුඩා කැටයම් වගයක් පෙන්වමින් අසල සිටි සුන්දර කඩවසම් තරුණයා කඩ හිමියාගෙන් ඉතා සුහදශීලීව ඇහුවා..
බොහෝ මිනිසුන් නොගැවසෙන කදු ගැට වලින් වටවී තිබූ වටපිටාවේ සුන්දරත්වය තවත් ලස්සන වුනේ නිහඩවම ගලා යන සීතල ගංගාව වගේම එක යායට පිපී තිබුන එක් එක් වර්ණයෙන් හැඩවූ මල් මිටියාවත් නිසයි...

Someone is the savior || TK [completed ✔]Where stories live. Discover now