Chapter 7

343 116 6
                                    

"හ්ම්"
ජන්කුක් පොතක් අතට අරන් හෙමීට කිව්වා.

"අද ගෙදර කියල කිව්වා නේද ටිකකට කලින්...??
ජන්කුක් නැවත ඇලීනා දිහා බැලුවේ ඇය කලින් කියූ දෙය මතක් කරමින්..
"මට අමතක උනා...දැන් මතක් උනේ.."
ඇලීනා උස් හඩින් එහෙම කිය කියම පඩිපෙළ දිගේ උඩට යද්දි ජන්කුක් සුසුමක් පිටකරමින් නැවතත් පොත කියවන්න පටන් ගත්තා..

නැවත නිවසට යමින් ඉදපු ටේහියුන් එකවරම නතරවුනේ නාදුනන මිල අධික සේ පෙනුන රතු පැහැති මෝටර් රථයක් ඔවුන්ගේ නිවස ඉදිරිපිට සිට නැවත වේගයෙන් පිටව යනවා දුටු නිසයි..
සේරා පමණක් නිවසේ තනියම කියලා මතක් වුන ටේහියුන් සේරාගේ නම කියමින් කෑගහගෙන ගියේ ඔහුගේ හිතේ යම් බයක් ඇති වුන නිසා.

"සේරා!...කොහෙද ඔයා...???"

"ටේහියුන් ඇයි කෑගහන්නේ??..ඔයා හොදින්ද?.."
ටේහියුන්ගේ කෑගැසීම නිසා සේරා ටේහියුන් ලගට කලබලෙන් දුවගෙන ආවා.
"සේරා මං හොදින්...ඔයා හොදින්ද??..කාගෙද අර කාර් එක?.."
ටේහියුන් හිතේ තිබුන බය නිසාම කලබලෙන් ඇහුවා.

සේරා යම් ගැටලුවක බව ටේහියුන්ට තේරුනත් මුකුත් කතා නොකර සේරා දිහා බලන් හිටියා.
"ටේහියුන් මං ඇත්තටම මේ ගැන මුකුත් දන්නෙ නැහැ...මේ වගේ වෙලාවට තමයි අපිට කවුරුත් නැහැ කියල මට දැනෙන්නේ ටේහියුන්...ඔයා තමයි මගේ අම්මා.. තාත්තා..හැමදේම...ඉතිං ඔයාම එයාට කියන්න ඔයා මේකට කැමති නැහැ කියලා...එයා මට විවාහ යෝජනාවක් ගෙනත් තියෙන්නේ මං ගැන හැමදේම හොයලා බලලා...අපි දෙන්නා විතරයි කියලත් එයා දන්නවා...එයා හොද කෙනෙක් වගෙත් පේනවා ඒත් මට ඕන නෑ ටේහියුන්...අපි දෙන්නා හැමදාම මෙහෙම ඉමු...
සේරා කතා කරලා අවසන් වෙන්නත් කලින් ටේහියුන් සේරාව තදින් බදාගත්තේ සේරාත් ටේහියුන්ව ආපස්සට ආදරෙන් වැලද ගනිද්දි.
"ඇයි සේරා...මං නිසාද එහෙම කරන්නේ??...එහෙම එපා සේරා අපි කතාකරමු එයා එක්ක...එයා හොද කෙනෙක් වෙන්නත් පුලුවන්...ඔයාව හොදට බලාගන්නත් පුලුවන් වගේම ඔයාට ආදරේ කරන කෙනෙක් වෙන්නත් පුලුවන්...ඒ නිසා නේද ඔයා ගැන හොයලා බලලා ගෙදරටම හොයාගෙන ඇවිත් තියෙන්නෙත්...අපි එයාගේ පවුලේ අය එක්ක කතා කරමු."
ටේහියුන් සේරාට ආදරෙන් කිව්වත් සේරා ඒතරම් සතුටකින් නොවන බව ටේහියුන්ට තේරුනා.
"එයාට අම්මා විතරයිලු ඉන්නේ...අම්මා ඉන්නෙත් ලන්ඩන් කිව්වා.."
සේරා හෙමීට කිව්වා.
"හරි සේරා අපි හෙමීට කතා කරමු...දැන් අපි කමුද??.."ටේහියුන් ලස්සනට හිනාවෙමින් සේරාගේ අතින් අල්ලන් ඇතුලට ගියා.

Someone is the savior || TK [completed ✔]Where stories live. Discover now