ep 40

2.9K 460 59
                                    

Ep 40
එලිවෙන්න තුනයි කියන්නෙ මොලේ තියෙන මිනිහෙක් නිදාගන්න යන වෙලාවක්ද?
මේ වෙලාව වෙනකනුත් චාරුකයා මට නම් නිදහසක් දුන්නෙ නෑ
මොනදේ කරත් ඉගනීම ෆස්ට් එයගෙ උදාන වාක්‍ය
ඒක මගේ එකනම් නෙමෙයි
ඒත් බලෙන්ම දැන් ඒක මගේ පිට උඩ පටවල...ආදරේ නාමයෙන් මම බක්කි කරත්ත අදින පුල්ලි ගොනෙක් වෙලා
සිගරට් විස්ක් හැමදේටම ආයුබෝවන් කියලා
එලිවෙන ජාමේ වෙනකන් ක්‍රෑම දානවා...ඕයි මේ මමමද
බෑ ඉවසන්න බෑ කොහොමාත් මෙහෙම දුක
කියාගෙන මගේ ඇස් දෙක කඩාගෙන වැටුනා ..දැන්නම් ඉතින් 100% නිදිම තමයි
ක්ලබ් එකේ මැච් දිනපු දවස් වලට කරටි කැඩෙන්න ගැහුවාම වැටිච්ච තැන වැටිලා නිදාගත්තු දවස් වල කීයට කවුරු ගෙදර ගෙනාවද කියලා දන්නෙ නැතුව නැගිටිනව වගේ මමත් දැන් ඇහැ ඇරුනේ
යාන්තමට මතක එන්තැල්ප් ගාන බැලන්ස්වීගෙන ආවා විතරයි
මමම ඇවිදන් ආවද
චාරු උස්සන් ආවද
කිසි දෙයක් නොදැන එක දිගට නිදගත්තම් උදේ හතයි චාරු බලෙන්ම මාව ඇහැ ඇරවද්දි
ඊලග දව්ස් කීපෙම එකම රටාවකට ගෙවුන බවට මගේ ඇස් යට ඉදිමුන කලු පැල්ලම් සාක්ශි දේවි
පලවෙනි දවස කලා උලෙල
රසායන විද්‍ය පලමු වසර සිසුන්ගේ ප්‍රදර්ශන කුටිය ෆුල් බිසී
ඉවෙන්ට් මැනේජ්මන් ආයතනෙ අය ඇවිත් ස්ටෝල් එකේ මූලික ටික
ප්ලාස්ටික් බිත්ති, කොටන් හා ලෑලි උඩ හැදුව බිම...සිවිලිම නිල්පාට කාපට් එක ..මේ වැඩ ටික ඉවර කරලා අපිට බාර දුන්නෙ කෙමෙස්ට්‍රි ඩිපාට්මන්ට්නෙකට ඇතුලුවෙන තැන තිබුන ලොකු කුටිය

ස්ටෝල් එක අපට ලැබුන වෙලාවෙ ඉදලා අපේ උන් හුස්ම නොගෙන එක ලෙස්ට වැඩ
සමහරු කලින් ඇදපු ප්‍රින්ට් කරපු කෙමෙස්ට්‍රි පෝස්ටර් වලින් බිත්ති ආවරනය කරනවා
තව සම්හරු එක එක ප්‍රදර්ශන භාන්ඩ තියන්න වේදිකා හදලා ඒවා සුදු රෙදි වලින් කවර් කරලා ඩ්‍රෝවින් පින් ගහනවා
ලැබ් එකෙන් ඉ ල්ලගෙන ආපු ලැබ් ඉක්වික්විප්මන්ට් පරිසමට එක එක තැන්වලට සෙට් කරනවා
මේ හැම දේටම වඩා මුල් තැන ලැබුනේ ඇලඩින්ගෙ පහන තියන්න හදන වේදිකාව
ඒක වටේ ඇලුමිනියම් කනු වලින් වැටකුත් ගැහුවා වැඩි ආරක්ශාවට
වරකට එක්කෙනාටයි චාන්ස් එක ලැබෙන්නෙ පහන පිරිමදින්න
ඒවගේම භූත පෙට්ටිය කිට්ටුව ෆොටෝ ගන්න තැනකුත් හදලා ලස්ස්නට සරසලා එතැනම පුලුවන් ප්‍රින්ට් කරලා ෆ්‍රේම් කරන වැඩ ටිකක්ත්න්කරලා ගිෆ්ට් පැක් එකක් දාල ෆොටෝ එක දෙන්න
ආආ තව...වාස්නා චක්‍රෙ ඒකට දෙන තැගි ඔතපුවා...සල්ලි ගන්න කවුන්ටර් හැමදේම
මටනම් වැඩ වැඩිපුරම තිබුනේ එදි නෙදා ගෙදර තියෙන දේවලින් රසායන ද්‍රව්‍ය වෙන්කර ගන්න හැටි ප්‍රායෝගිකව පෙනවන තැන වැඩ
මොකද අපි ගෙවල් වලින් හොයාගෙන ආපු එක එක අද්‍රව්‍ය...කපලා කුඩු කර්ලා රත් කරලා...කෙමිකල් දාලා බික්කර් වල මිශ්‍ර කරල අනුමාපනය කරලා ආසවනය කරලා එක එක බයිලා ගොඩක් කරලා මේ මුල ද්‍රව්‍ය වෙන් කරන්නෙ
අපේ සෙට් එකක් එක දිගට ඒවා කරද්දි හොදට විස්තර කරන්න පුලුවන් අය ඒ ඒ තැන ඉදගෙන පිය වරෙන් පිය පියවර වෙන දේවල් විස්තර කරනවා
ම්ම්,,ම්ම්ම් ...ඇයි අපේ විද්‍යක්නයොත් එයාලගෙ චරිත වලට පුහුනු වෙනව
එක එක විද්‍යක්නයො ඒ පරන කාලෙ ඇන්ද ඇදුම් ඇදන් බොරු රැවුල් සුදු විශාල ක්‍රේල් කොන්ඩ
බෝතල් අඩි කනාඩි
බස්තන්
උස ටොප් හෙට් තොප්පි
දිග සපත්තු දාගෙන
චරිත වලට සූදානම් වෙනවා

තිත්ත පැණිWhere stories live. Discover now