ep 117

2K 321 35
                                    

Ep 117
දැන් මේක උබ ඉවර කරන්නද යන්නෙ
"නැත්තන් මේක දිගට ඇදන් ගිහින් වැඩක් තියෙද ....දැනටම එපා වෙලානෙ තියෙන්නෙ"
"ඒත් මේක අපි බලාපොරොත්තු උන වසානෙ නෙමෙයිනෙ"
"මොනදේද අපි හිතපු විදියටම වෙන්නෙ...හිතුපු දේ වෙන්නෙ නෑ නොජිතපු දේවල් වෙනව ඕකනෙ ලෝකෙ හැටි"
"මම කියන්නෙ මේකට සම්පූර්න වැරදිකාරයා උබ
උබ තමයි පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බැරුව වෙනස්ම පාරක යන්නෙ"
"ඕනෙ දයක් හිතාගනින්
මට එපා වෙලා
ලගදි මැරෙනව කියලා දැනගෙන මැරෙන දවස කවද වේවිද අද මැරේද හෙට මැරේද කියලා නොදැන ජීවත් වෙන මරනාසන්න ලෙඩෙක් වගේ ඉන්න එක එපා වෙලා
මේක සදහටම ඉවරයි කිය්ලා දන්නවනම් මම හිත හදාගන්නව
ඒත් එහෙමත් නෑ
සම්බන්දයක් තියෙද දන්නෙත් නෑ නැද්ද දන්නෙත්න්නෑ
බොරුවට එකම තැන කැරකි කැරකි ඇදි ඇදි යනවා"
"ඇත්ත කියපන් අද එයා උබට මේක නවත්වනව කියුවොත් උබට සන්තෝස වෙන්න පුලුවන්ද..."
"බෑ ...ඒත් බොරුවට මග බලන් ඉන්න ඕනෙ නෑ කියලා හරි දනවනෙ...අවුරුදු හතරකට පස්සෙ වෙන දෙයක් ගැන හීන දැක දැක ඉදලා මට එපා වෙලා...මේ අවුරුදු හතරම මම මෝඩයෙක් වගේ කවඩ්නාවත් එන්නෙ නැති දවසක් ගැන මග බලන් හිටියා""
"දැන් අවුරුදු හතර ඉවරද"
"නෑ තව මාස 6ක් තියෙනව"
"ඉතින් අවුරුදු තුනහමාරක් ඉවසපු එකේ අන්තිම මාස 6ත් ඉවසල බලපන් උබ බලාපොරොත්තු උන අවසනෙ ලැබෙයි"

"මට බෑ ඕයි ආයෙ ඇවිත් එයාගෙ මූන බලන් මාස 6ක් ඕක අස්සෙ ඉන්න
අපි දැන්වෙනස් වෙලා පුදුම ව්දියට
මාස 6කට කලින් හිටපු එයාවත් මමවත් නෙමෙයි දැන් ඉන්නෙ
අපේ කැම්පස් එකත් එහෙමනෙ අවුරුදු තුනහමාරක් අපි හිටෳඋ තැන නෙමෙයි දැන් එතැන්
ඒක අපිට අයිති නැති අනුන්ගෙ තැනක්
මට දුකයි ඒක දැක දැක එතැනම ඉන්න වෙන එක"
"ඔවූ ඒක එහෙම තමයි
ඒත් එහෙමයි කියලා අපිට ජීවිතෙන් පැනල යන්න බෑ
අපිට අකැමැති දේවල් කම්මැලි දේවල් එපා වෙන දේවල් කරන්න වෙනවා"
"මන්දා බන්...ඒත් මට හිතෙනව මම මේ තෝරගත්ත ජීවිතේ හොදයි.
මට ඔය සයන්ස් පිරුන ජීවිතේ බර වැඩී
මට ඕනෙ සහැල්ලු ජීවිතයක් "
"හරි,,,හරි...
ඒත් උබ ඒලෙවෙල් කරපු කාලෙත් එක්ක බැලුවම අවුරුදු හයක් හතක් මේක වෙනුවෙන් යොදවල තියෙනව
ඒ සම්පූර්න කාලෙම අපතෙ යනව මේ මාස 6 අත හැරියොත්
මහන්සි උන හැම දේම නිදි මරපු පැය ගනන් ...පාඩම් කරපුව හැම දේම
ඒක නිසා පටන් ගත්ත දේ ඉවර කරපන්
මාස හයකට පස්සෙ ඇවිත් ආයෙ ක්ලබ් එකට එකතුවෙලා ෆුට් බෝල් ගහපන්"
"හ්හා හ්හා...ඩයිනා උබ ක්‍රීඩාව ගැන දන්නෙ නෑ බන්
මට මේ තියෙන තැන ආයෙ ලැබෙන්නෙ නෑ
මාස හයකින් මගේ හැකියාව දක්ශතාවෙ වෙනස් වෙලා තියෙයි
අනෙක කල්බ් එකට මට වඩා දක්ශ අය අරගනී
එයාලා ඔක්කොම එකට කෝඩිනේට් වෙලා සෙල්ලම් කරයි
මම ආයෙ එහ්ද්ඩි මේ විදියට මාව ආයෙ ටීමෙ කෙට සෙට් වෙන්නෙ නෑ"

තිත්ත පැණිWhere stories live. Discover now