ep 95

2.1K 329 12
                                    

Ep 95
ඊයෙ කතා කරලා ආවට ක්‍රිශ් ඒවි කියන එක ගැන අපි දෙනටම ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ
මම උදෙන්ම ගිහින් පුටු 3ක් අල්ලගත්තෙ මටයි චාරුටයි ඩයිනටයි
මේ දව්ස් වල සුලක්කනා ලෙක්චර්ස් එන්නෙ නෑ
එයා ගෙදර ගියාලු චාරු එක්කත් ලොකු කතාබrහක් නෑ කියුවා
ලෙක්චර් හෝල් එකට ටිකක් උදෙ ආපු නිසා හිටියෙ ටික දෙනයි
මම පුටු තුන උඩින් කොල ටිකයි ෆයිල් ටිකයි තියලා
පිටිපස්ස්ට වෙලා ඊයෙ තිබුන ක්‍රිකට් මැච් එකේ හයිලයිට් බල බල ඒක විචාරය කරන කොල්ලො කීපදෙනා අතරට ගිහින් උන් දෙන ටොල්ක්ස් වලට තව අරලු බුලුනෙල්ලි එකතු කර කරහිටියා
චාරු ආපු ගමන් එයාට වඩිවෙන පුටුව පෙන්නලා මැද පුටුව ඩයිනට තියලා එහා එකේ වාඩි උනා
චාරු ඉතින් ආව ගමන්ම ගිය සතියෙ ලෙක්චර් එකට එනකොට හොයාගෙ අ එන්න කියපු කරරුනු වගයක් මට කියවගෙන කියවගෙන ගියා
ඩයින එන්නත් කලින් අපි බලපොරොත්තු නොවුන විදියට ක්‍රිශ් ලෙක්චර් හෝල් එකට ආවා
එයාගෙ පැහැදිලි වෙනසක් තිබුනා
මාත් එක්ක යාලු උන මුල් කාලෙ ඇන්දා වගේම ලස්ස්න කහපාට සමනල තටු වගේ අත්තියෙන කහපාට බ්ලවුස් එකට ටයිට් ජින්ස් එකක් ඇදලා හිටියෙ
ටිකක් විතර ලතාවට ඇවිදගෙන ආවත් බිම බලන් ඇවිද්දෙ
එය හිතන් ඇති
ඊයෙ කියපු විදියට මමයි චාරුයි එයාට පුටුව තියන් හිටියා කියලා
මුකුත් කියාගන්න බැරි කමට අපි එයාව සුහදව පිලි අරගෙන එයාට පුටුව අල්ලන් හිටියා වගේ ඇක්ට් කරා
පරන විදියටම ශැම්පු ෆර්ෆියුම් සුවදත් එයා ලගින් එනවා
මේක මුලු බැච් එකටම හොට් හොට් නිවුස් එකක්
හැමෝගෙම ඇස් යොමුවෙලා තිබුනෙ අපි තින්දෙනා දිහාවට
ඉස්සරහ පේලි වල ඉන්න උනුත් පෑන් ඉ ල්ලනයි කොල ඉ ල්ලන්නයි අතෝරක් නැතුව පිටිපස්සට හැරෙනවා ඕපේ හොයන්න
නැත්තන් පැන්සල් පෙට්ටි නිතර බිම දානවා අහුකන ගමන් ඔත්තු බලන්න
අපි අත් අල්ලගෙනද ඉන්නෙ
අපි කතා කඩනවද කියන එක දැනගන්න

මමනම් මැරිලා ඉපදිලා නෑ උන දේවල් අමතක කරන්න
අර ෆොටෝවල අපි දෙන්නා ගැන ලියල තිබුන බලු කතා මැරෙනකන් මට අමතක වෙන්නෙ නෑ
මේවගේ අහින්සක කමට ඉන්න බඩ්ඩකට
ඒවගේ බලු අදහස් කොහෙන් ආවද මන්දා
ලග ඉද්දි මම හිනා නොවී බෑරි කමට හිනාවෙලා
කතා නොකර ඉන්න බෑරි කමට කතා කරා
වෙලාවකට මෝඩ චාරුකයගෙ හොම්බ රිවට් වෙන්න දෙන්න හිතෙනවා
කොහෙද යන කුනු ගොඩක් ගෙනත් ඇගේ ගැහුවා ආයෙමත්

තිත්ත පැණිWhere stories live. Discover now