වෙනදට මගේ තනියට එන මගේ හොදම යාලුවා ක්‍යුන්හීත් අද නෑ. එයා අද එයාලගේ ඔම්මාලා එක්ක බුසාන් යනවා කිව්ව නිසා එයා එනකන් ඉන්නේ නැතුව කොලේජ් එකට යන්න තිබ්බ පාරේ මං ඇවිදගෙන ගියේ කෙනෙක් ගැන හිත හිතමයි. අද වෙනදට වඩා නිස්කලංක ගතියක් දැනුනේ ක්‍යුන්හී නැති නිසාම වෙන්න ඇති. හිටියා නම් නවත්තන්නේ නැතුව දිගටම කියවන එකනේ කරන්නේ. ඒත් මට පාලුයි වගේ.
මම මින්හී. මම සාමන්‍ය පවුලකින් එන නිදහසේ ඉන්න කැමති සාමන්‍ය කෙල්ලෙක්. මට යාලුවෝ ගොඩාක් හිටියත් එයාලා යන්නේ වෙනම කොලේජ්වලට. මමයි ක්‍යුන්හී එකම කොලේජ් එකේ. මට කොච්චර යාලුවෝ හිටියත් ක්‍යූට තරම් මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් මට හම්බෙලා නෑ. ඒ නිසාම එයත් එක්ක මං මගේ හිතේ තියෙන හැමදේම බෙදාගත්තා.
දන්නෙම නැතුව කොලේජ් එකටත් ඇවිත්. ඒත් වෙනදට වඩා මට මෙතන නුහුරු තැනක් වගේ. මොකද වෙනදා මමයි ක්‍යුන්හීයි දෙන්නම එන්නේ. මගේත් කට තියෙන්නේ ක්‍යුන්හී ඉද්දී විතරයි. එහෙම තමයි හැමෝම කියන්නේ. ඒක බොරුවකුත් නෙමෙයි.
![](https://img.wattpad.com/cover/289766148-288-k685478.jpg)
YOU ARE READING
HIM 🍂~PJM (Completed)
Fanfictionජීවිතෙත් හරියට පොතක් වගේ. ඒකේ තියෙන හිස්පිටු අපි අපිට ඕනේ විදිහට ලියලා ලස්සන කරන්න පුලුවන්. හැබැයි ලියන්න ඕනේ මොනවද? ලියන්න ඕනේ නැත්තේ මොනවද කියලා තීරනය කරන්න ඕනේ අපිමයි. මොකද ලියන එක ආයේ මකලා හරිගස්සන්න බෑ. අන්න ඒ වගේ තමා දැන් ජිමිනුත්. මගේ පොතේ පි...