වෙනදා වගේම ඒ ඇස්වල මං අතරමං වුනා. ඒවා ලස්සනයි. ගැඹුරුයි. හරියට මහ මුහුද වගේ. කොන්ඩේ පොඩ්ඩක් දික් කරලා නිසා තවත් ලස්සන වෙලා. වෙනදා වගේම මං එයාට හිනා වෙද්දී, එයත් වෙනදා වගේම මාව ගනන් ගන්නේ නැතුව රවලා ගිහින් එයාගේ යාලුවෝ හයදෙනත් එක්ක ඉදගත්තා. එයාට එච්චරම මාව පේන්න බැරිද. ඔව් මං එයාගේ ටයිප් නෙමෙයි කියලා මං හොදටම දන්නවා. ඒත් ඉතින් පොඩ්ඩක් හිනා වුනාම මොකද. ඇත්තටම එයා මට විතරයි ඔය වගේ දුෂ්ටකම් කරන්නේ. අනිත් හැමෝත් එක්කම හොදට කතා කරනවා. හිනා වෙනවා. මං ගෑණු ළමයෙක් නිසාද? නෑ. එයා අනිත් ගෑණු ළමයි එක්ක ලස්සනට හිනා වෙනවා. එයා හිනා වෙද්දි එයාගේ ඇස් දෙක පුංචි වෙනවා. හරිම අහිංසක පාටයි. එයා එහෙම හිනා වෙද්දී නම් මට එහෙම කරනවා කියලා හිතන්නවත් බෑ. එයාගේ නම පාක් ජිමින්.
මම තාමත් දන්නේ නෑ කොහොමද මං එයාට ආදරේ කරන්න පටන් ගත්තේ කොහොමද? කවද්ද? ඒ ඇයියේ කියලා මටම හිතා ගන්න බැ. ජිමින් කියන්නේ මගේ පළවෙනි ආදරේ නෙමෙයි. මං කලින් ආදරේ කරා. ඒත් එයා මාව දාලා ගියා. එදායින් පස්සේ මං ආයේ ආදරේ කරන්නේ නෑ කියලා මටම පොරොන්දු වුනා. ඒත් ජිමින්. එයා නිසා මං මටම වුන පොරොන්දුව කඩන්න වුනා. මං ආයෙත් ආදරේ කරන්න පටන් ගත්තා.
"ජියෝන් මින්හි?? මං දැන් කීසැරයක් කතා කරාද ළමයෝ."
"අහ්හ් මියානේ සර්"
ඕක තමා මට හැමදාම වෙන වැඩේ. ජිමින් ගැන හිතන්න පටන් ගත්තාම මම ඉන්නේ මේ ලෝකේ නෙමෙයි. ඉගෙන ගන්න පාඩමක්වත් මං හරියට අහගන්නේ නෑ.
YOU ARE READING
HIM 🍂~PJM (Completed)
Fanfictionජීවිතෙත් හරියට පොතක් වගේ. ඒකේ තියෙන හිස්පිටු අපි අපිට ඕනේ විදිහට ලියලා ලස්සන කරන්න පුලුවන්. හැබැයි ලියන්න ඕනේ මොනවද? ලියන්න ඕනේ නැත්තේ මොනවද කියලා තීරනය කරන්න ඕනේ අපිමයි. මොකද ලියන එක ආයේ මකලා හරිගස්සන්න බෑ. අන්න ඒ වගේ තමා දැන් ජිමිනුත්. මගේ පොතේ පි...