CHAPTER 7

437 102 51
                                    


"ඔයා ඔහොම සද්ද නැතුව ඉන්නේ මාත් එක්ක විතරයි කිටී. ඔයා මගේ යාලුවෝ එක්ක හිනා වෙවී කතා කරනවා. අනිත් කොල්ලොත් එක්කත් හොදට කතා කරනවානේ. ඇයි මාත් එක්ක විතරක් ???"

ජිමින් මගේ මූණට තවත් ලංවෙන ගමන් ඇහුවා.

කිටී?? එයා එහෙමද කිව්වේ. මං මොනවද ඔයත් එක්ක කතා කරන්නේ. මං ඔයාට ආදරෙයි කියලා කෑගහලා කියන්නද එහෙනම්. දැන් නම් මට පිස්සු.

"ම්ම්...අහ්හ්.. ම්ම්... මේ ම.. මං... මමද?"

"මින්හී කියන්නේ ඔයානේ නේ?"

"ඔ..ඔව්'

"ම්ම්... ඒකනේ. මට දෙයක් කියන්න තියෙනවා. අහනවද?"

"හ්ම්ම්ම්"

" මං ඔයාට කැමතී.ජියෝන් මින්හී බී මයි ග(ර්)ල් ෆ්‍රෙන්ඩ්."

මම ජිමින් දිහා පුදුමෙන් බලද්දී එයා ඇස් දෙක පුංචි කරලා හිනා වෙලා මගේ මූණ එයාගේ මූණ ලගට ඇරගෙන මගේ තොල් වලට බර වුනා. එයා එහෙම කරද්දී මගෙත් ඇස් පියවුනේ ඉබේටමයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මං ඇස් ඇරියා. කොහෙද මං ඉන්නේ. පුරුදු තැනක්. මම ඉන්නේ මගේ රූම් එකේ. මම නැගිටලා ඇද උඩින් ඉදගත්තා.

මේපාරත් ඒ හීනයක්. මම මගේ ඇද ගාව තියෙන පෝස්ටර් එක දිහා බැලුවා. පාක් ජිමින්...

කොරියාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්...

එයා තමා මාව නොදන්න මගේ ආදරේ...

ජීවිතෙත් හරියට පොතක් වගේ. ඒකේ තියෙන හිස්පිටු අපි අපිට ඕනේ විදිහට ලියලා ලස්සන කරන්න පුලුවන්. හැබැයි ලියන්න ඕනේ මොනවද? ලියන්න ඕනේ නැත්තේ මොනවද කියලා තීරනය කරන්න ඕනේ අපිමයි. මොකද ලියන එක ආයේ මකලා හරිගස්සන්න බෑ. අන්න ඒ වගේ තමා දැන් ජිමිනුත්. මගේ පොතේ පිටුවක ලියවිලා. කටවත් හරිගස්සන්න බැරි විදිහටම...❤

___________________________________________

හොදයිද දන්නේ නෑ මේකත් අනිත් එව්වා වගේ. කියවන, vote කරන අයට thnq ❤❤

HIM 🍂~PJM (Completed)Where stories live. Discover now