CHAPTER 6

312 93 2
                                    

FEW DAYS LATER...

     දහසක් මැද්දේ,
     මගේ සිත සසල කල,
     ඔබේ ඒ රුව,
     නොහමුවුනත් මට,
     ඉතින් කම් නැතිද
     දුරින් හිද පෙම් කරන්නට?

කොලේජ් එකේ  එලියේ තියෙන බෙන්ච් එකක ඉදගෙන ඉද්දී, හුරුපුරුදු හිත නිවන කටහඩකින්, හුරුපුරුදු වචන පේලියක් මගේ කන ලගින් මුමුණනවා ඇහූනා.

ඒ මගේ වචන...

නිකන්ම වචන ටිකක් නෙමෙයි...

ජිමින්ට මම ලිව්ව නිසදැස...

පුදුමෙන් වගේ මම පිටිපස්ස හැරිලා බලද්දී මං දැක්කේ මම හැමදාම බලන්න ආස කරපු මූන. වෙනදට වඩා ගොඩාක් මගේ මූනට ලගින්. ජිමින් කට කොනින් හිනා වෙලා හිතන්නවත් වෙලාවක් නොදී බෙන්ච් එක උඩින් පැනලා මගේ එහා පැත්තෙන් ඉද ගත්තා. මට ඕනේ වුනේ නෑ ජිමින්ට මගේ මූන පෙන්නන්න. මොකද මං දන්නවා මගේ මූන ගොඩාක් රතු වෙලා දැන් තියෙන්නේ. කම්මුල් දෙක රත් වෙලා කියන්නේ අනිවාරෙන් මගේ මූනත් රතුවෙලා ඇති.

"මින්හී?"

එයා පලවෙනි වතාවට මගේ නම කියලා මට කතා කරා.මං තවත් ලැජ්ජාවට මගේ මූණ හංගගත්තා.

"කියුට්"

මගේ හදවත වෙනදට වඩා වේගෙන් ගැහෙනවා...

"නිසදැස ලස්සනයි "

"හ්ම්ම්??"

"හිතුවද ඔයාගේ එක අදුරගන්න බැරි වෙයි කියලා. ඔයා අනිත් අයට වඩා වෙනස් මින්හී. ඔයා තමා මට පලවෙනියටම නිසදැසක් දුන්නේ. අනිත් කෙල්ලෝ වෙන විකාර දේවල් කියලා එවන්නේ."

මට ඒක්ට උත්තර දෙන්න තේරෙන්නේ නෑ. එයා දන්නවා ඒ මම කියලා. මං මෙතනින් නැගිටලා දුවන්නද. නැත්‍තම් ඒ මම නෙමෙයි කියන්නද. ඒ මම කියන්නද. මොකද්ද දන් මම කරන්න ඕනේ. මට තේරෙන්නේ නෑ.

HIM 🍂~PJM (Completed)Onde histórias criam vida. Descubra agora