මම ඉක්මනට ක්ලාස් එකට ගියේ කෙනෙක් බලාපොරොත්තුවෙන්. නෑ එයාත් නෑ. එතකොට එයාත් නැද්ද අද?
මම ක්ලාස් එකේ පිටිපස්සටම ගිහින් මමයි ක්‍යුයි හැමදාම ඉදගන්න තැන ඉදගත්තා. ඒත් අද එතැන හිස්. මගේ හිතත් හිස්. එකක් මගේ හොදම යාලුවා නෑ. අනිත් එක මං හැමදාම ආසාවෙන් කෝලේජ් එන හේතුව. එයත් නෑ.
බෙන්ච් එකේ ඉදගෙන ෆෝන් එක ඇරගෙන මම ඉස්සෙල්ලම කරේ ක්‍යුන්හීට මැසේජ් එකක් දාපු එක
~උබටත් අදම යන්න ඕනේ වුනානේ. හැබැයි හොදයි මටත් කනක් ඇහිලා ඉන්න පුලුවන්.
~මං නැතුව පාලුයිද දැම්මම. නෑ ඔන්න බලන්නකෝ මං කියන නිසා ඔයාගේ සිහින කුමාරයා එයි.
~එහෙම ආවොත් හොදයි
හෑන්ඩ්-ෆ්‍රී දෙකත් ගහගෙන සින්දුවක් දැම්මේ තාම ක්ලාස් එක පටන් ගන්න වෙලා තියෙන නිසා. ජනේලෙන් එලිය බලාගෙන කල්පනා කරෙත් එයා ගැනමයි.
"අහ්හ් කිටී අද අපාය සහයක නැති නිසා කට වැහිලා වගේ."
එක එක දේවල් ගැන හිත හිත ඉන්න අතරේ කවුරු හරි හෑන්ඩ්-ෆ්‍රී එකේ එක පැත්තක් ගලවලා මගෙන් අහද්දී මං ගැස්සිලා බලද්දී දැක්කේ මම හැමවෙලේම දකින මූණක්.
"ජස්ට් ගෙට් ලොස්ට් ජන්කුක්"
ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ වදකාර මල්ලී. කුකී මට කතා කරන්නේ කිටී කියලා. මං හරියට පූසෙක් වගේ කියලා තමා එයා නම් කියන්නේ. කොලේජ් එක මැද මට කිටී කියල කතා කරපු දවසේ ඉදන් දැන් හැමෝම මට කියන්නේ කිටී කියලා.
ජන්කුක්ට එකක් ගහලා මං ඉස්සරහ බලාගද්දී මං එයාව දැක්කා.
![](https://img.wattpad.com/cover/289766148-288-k685478.jpg)
YOU ARE READING
HIM 🍂~PJM (Completed)
Fanfictionජීවිතෙත් හරියට පොතක් වගේ. ඒකේ තියෙන හිස්පිටු අපි අපිට ඕනේ විදිහට ලියලා ලස්සන කරන්න පුලුවන්. හැබැයි ලියන්න ඕනේ මොනවද? ලියන්න ඕනේ නැත්තේ මොනවද කියලා තීරනය කරන්න ඕනේ අපිමයි. මොකද ලියන එක ආයේ මකලා හරිගස්සන්න බෑ. අන්න ඒ වගේ තමා දැන් ජිමිනුත්. මගේ පොතේ පි...