ᴅᴇᴀʀ ᴅɪᴀʀʏ 彡

1.9K 315 23
                                    

නොගැළපීම් නැති අාදර කතා හරි සුන්දරයි ...ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම අාදර කතා තිබුනෙ සුරංගනා කතාවල විතරයි

මම කියන්නෙ කවදාවත් නොගැළපීම් ගළපන්න උත්සහ කරපු කෙනෙක් නෙවෙයි . ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් කියලා හිතලා කෙනාගෙ හැටි තේරුම් අරන් ඒ ක්‍රමේට හැඩ ගැහෙන්න උත්සහ කරපු කෙනෙක් .

ඒත් මගෙ හස්බන්ඩ් ගෙ කාරණාවෙදි නම් ඒක ඒ තරම් සාර්ථක වුනේ නෑ ...
මුලින් මට ඕනෙ වුනේ එයාගේ ක්‍රමේට හැඩගැහෙන්න වුනත් පස්සෙ මට ඕනෙ වුනා එයාට තේරුම් කරවන්න
ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕනෙ වුනාට රස්සාව වෙනුවෙන් ජීවත් වෙන්න හොඳ නැහැ කියලා.
මන් එයාට උපදෙස් දෙන්න ගත්ත එකෙන් අපි අතර පුංචි පුංචි ප්‍රශ්න අැතිවුනා..

දවසක් ජන්ග්කුක් ගොඩක් පරක්කු වුන නිසා මුළු රෑම  නින්දක් තිබුනේ නෑ.බැල්කනි එකට වෙලා මම බලන් හිටියා.

ගේ ඉස්සරහින් වාහානයක් නවත්තනකොට පාන්දර දෙකට විතර අැති .

මන් දැක්කා කාර් එකෙන් කෙල්ලෙක් බැහැලා  ජන්ග්කුක්ව හග් කරනවා .
මාත් එක්ක වචන දහයක් වත් නතා කරන්න  වෙලාවක් තිබුණෙ නැති එයා කොහෙවත් ඉන්න කෙල්ලෙක් බදාගන්නවා දැක්කාම මට දැනුණෙ ඉරිසියාවක්. ඒ වගේම තරහක් . ජන්ග්කුක් හිටියෙ බීලා. ගොඩක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයකට .

" අැයි මෙච්චර පරක්කු .."

" ඔෆිස් පාටි එකක් තිබ්බා .."

" හහ් ! අැත්තද ..."

" මොකද ඔයාට වෙලා තියෙන්නෙ..මට මහන්සියි පොඩ්ඩක් කට වහන් ඉන්නවද "

" මම හැමදාම කටවහන් හිටිය නිසා තමයි මේවා මෙහෙම වෙන්නෙ "

" මොනවද ...කොහොමද වුනේ .."

" කවුද ඒ කෙල්ල ..."

" මොන කෙල්ලද ..."

" අර කාර් එකෙන් බැහැලා බදාගත්තෙ"

" අා ඒ අර--"

" මගෙ අැඟත් තාම කවුරුත් පාවිච්චි කරලා නෑ..අැයි ඔයා එක එක කෙල්ලො පස්සෙ යන්නෙ "

කම්මුලට වැදුණු සැර අතුල් පහරකින් තමයි මට මන් කියපු දේවල් මතක් වෙන්න ගත්තෙ ..

 𝟻 ᴅᴀʏs ᴡɪᴛʜ ʏᴏᴜ | ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] 彡Where stories live. Discover now