sᴇᴄᴏɴᴅ ᴅᴀᴛᴇ 彡

1.2K 306 12
                                    

දෙවනි දවස ශොපින් මෝල් එකේ ...

" මේක "

"කැතයි මාරු කරන්න "

" මේක "

" ඊයා මොකද්ද ඒ පාට "

" මොකද්ද අනේ ඒකත් කැතයිද "

" ඔව්  ඔයාගෙ තේරීම් නම් අන්තිමයි "

" ච්ප් "

දා හතරවෙනි වතාවටත් මම චේන්ජින් රූම් එකට ගියේ අතේ තිබුණු අන්තිම අැඳුමත් අරගෙන .ඒ වතාවෙ අැඳුමත් අැඳන් අැවිත් මම මුකුත් අැහුවෙ නෑ

ඒත් මම දැක්කා ජන්ග්කුක් අැස් පිල්ලමක් වත් ගහන්නැතුව බලන් හිටපු විදිය.

" ඒක  හොඳයිද--"

" වැඩක් නෑ " මගෙ මූණෙ අැඳුනු හිනාව ඒ වෙලාවෙ නැති වෙලා ගියා .
ඒත් මට තේරුණා එයා ඒකට කැමති වුනා කියලා .ඕන කමින් මයි ජන්ග්කුක් මම අඳින අඳින එක කැතයි කිව්වෙ.

අාපහු අැඳන් අාපු අැඳුමම අැඳන් එළියට අපු මම අැඳුම් ටික ඔක්කොම අරන් අායෙ ගිහින් තියන්න යද්දි .

"කෝ ඔය ටික දෙනවා "

ජන්ග්කුක් මගෙ අතේ තිබුණු අැඳුම් ටික ඔක්කොම අරන් කවුන්ටර් එක ළඟට ගියා .

'ඔක්කොම ගන්නවනම් මෙච්චර වෙලා  අැඳුම් මාරු කෙරෙව්වෙ
මොකටද ' මම  හිතින් බැන බැන ජන්ග්කුක් හිටපු තැනට ගිහින් කවුන්ටර් එකේ පෝලිමෙන් හිටගත්තා

මගෙ පිටිපස්සෙ හිටපු කෙනා ඕනවටත් වඩා අැඟට බර වෙනවා වගේ දැනෙද්දි දැනුන අපහසුතාවය නිසා මම හිමිහිට එතනින් පැත්තකට උනා . ජන්ග්කුක්  මගෙ දිහා බැලුවෙ මොකද උනේ කියලා අහන්න වගේ.

මම අර මනුස්සයා දිහා බලන් හිටපු නිසා ජන්ග්කුක් ත් ඒ දිහා බැලුවා

" මොකද උනේ .."

" නෑ නෑ මුකුත් නෑ අපි යන් "

ජන්ග්කුක්ගෙ අතින් අල්ලගත්ත මන් එයාව  එතනින් අැදන් යන්න හැදුවෙ .
ඒත්

"මොකෝ තමුසෙගෙ අැඟට පණ නෑ වගේද "
හිතන තත්පරේට ජන්ග්කුක් අර මනුස්සයාගෙ කොලර් එකෙන් අැදලා ගත්තා .

" කුකී ...අත අරින්න "
ජන්ග්කුක්ව ඒ මනුස්සයගෙන් අයින් කරන්න හදන ගමන් මම කිව්වා

ජන්ග්කුක් ඒ මනුස්සයට ගහන්න අත උස්සද්දි වෙලාවටම වගේ එතනට ගාර්ඩ් ලා අැවිත් අර මනුස්සයව අල්ලගත්තා.

අපි ශොපින් මෝල් එකෙන් එළියට අැවිත් කාර් එකට නැග්ගා

" අැයි ඔයා ඒ මනුස්සයට ගහන්න හැදුවෙ "

" ගහන්න හැදුවෙ ඔයා මගෙ-- නෑ මම කියන්න හැදුවෙ ඒ වගේ උන්ව නිකන් අත අැරියොත් තව කෙනෙක්ටත් ඒකමනෙ කරන්නෙ ."

"ඒකත් එහෙමද "

මම මොහොතකට හිතුවා ජන්ග්කුක්ට මාව අාරක්ෂා කරන්න හිතිලා කියලා.ඒත් මන් වැරදියි.

එකසැරේට ජන්ග්කුක් මගෙ අැඟට බරවුනාම මම ශීට් එකේ පස්සට බර වුනේ ඉබේටමයි.මගෙ හදවත ගැහෙන සද්දෙ මටම අැහෙනවා.

එයාගෙ හුස්ම මගෙ මූණෙ වැදෙන තරමට ළඟින් තිබුණෙ .

ජන්ග්කුක්ගෙ අත මගෙ ඉණ පිටිපස්සට යනවා දැනෙද්දි මම අැස් දෙක පියාගත්තා.විනාඩි පහක් වත් මම ඒ විදියට අැස් වහන් ඉන්නැති ඒත් කිසිම වෙනසක් වුනේ නෑ.

අැස් අැරියාමයි දැක්කෙ ශීට් බෙල්ට් එක දාලා තියෙනවා.

සැක් වස ලැජ්ජාවයි.

__________________________________

FOXY🌹

 𝟻 ᴅᴀʏs ᴡɪᴛʜ ʏᴏᴜ | ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] 彡Where stories live. Discover now