ғɪʀsᴛ ᴅᴀᴛᴇ 彡

1.3K 313 13
                                    

මම දවස් පහට යන්න ඕනෙ තැන් පහක ලිස්ට් එකක් හැදුවා. මට සතුටුයි පළවෙනි වතාවටයි අපි එකට කාලය ගත කරන්න යන්නෙ .ඒත් දුකයි අපි එකට ගත කරන අන්තිම දවස් පහත් මේක කියලා මතක් වුනාම.

පළවෙනි දවස ෆිල්ම් හෝල් එකේ..

"කුකී මෙතන ...මෙතන..."

මම කුකීගෙ අතින් අැදන් ගියේ තුන්වෙනි පේළියේ ශීට්ස් ළඟට .

" මාවත් අැදන් දුවන්නැතුව පොඩ්ඩක් හිමින් යනවද "

ජන්ග්කුක් කියවන්න ගත්තා

"ඕ හෝ ..අමතක වුනාද මේ දවස් පහ මගේ .මන් කියන විදියට ඉන්න ඔයා "

" යා~ මන් එහෙම දේකට එකඟ වුනේ නෑනෙ "

එයාගෙ සිහිකල්පනාව නම් අන්තිමයි.ජන්ග්කුක් කියන දේවල් අැහෙන්නෑ වගේ මන් ගිහින් ශීට් එකෙන් ඉඳගත්තා .ටිකකින් ෆිල්ම් හෝල් එකේ ලයිට්ස් ඕෆ් වෙනවත් එක්කම වගේ ජන්ග්කුක් ත් අැවිත් ඉඳගත්තා

ෆිල්ම් එක පටන් ගත්තා.ඒක හොරර් මූවි එකක් .

"ඕ! මේක ප්ලෑන් එකක්ද ? ෆිල්ම් එක පටන් ගත්තම භයේ මගෙ අැඟට පනින්නද ලෑස්ති වෙලා ඉන්නෙ ."

" හොරර් මූවීස් වලට මන් අාසයි .ඒ වගේම ඒවට භය නැහැ."

මම එක දිගට කියාගෙන ගියා

" අපි බලමුකො "

" ඔව් ඔව් බලමු "

Time Skipped .

කිසිම සද්දයක් නැතුව තිබිලා සද්දයක් එක්ක හොල්මන මූණ ළඟින් මතුවෙන කොටස හැම ෆිල්ම් එකේම එකම වගේ නිසා මට දැන් ඒ වගේ සීන් එකක් දකිනකොටම ඊළඟට වෙන දේ හිතාගන්න පුළුවන්.

මම බැලුවෙ මගෙ අතේ එල්ලිලා වෙව්ල වෙව්ල ඉන්න ජන්ග්කුක් දිහා

'කවුරු කාගෙ අැඟේද දන්නෑ දැන් එල්ලිලා ඉන්නෙ'

3 2 1 හිතපු විදියටම ඒ වෙලාවෙ ෆිල්ම් එකේ හොල්මන කෙල්ලගෙ මූණ ළඟින් මතු වුනා.

මාව ගැස්සිලා ගියේ ෆිල්ම් එකේ සිදුවීමට නම් නෙවෙයි ජන්ග්කුක් අතේ තිබුණ පොප්කෝන් ටිකත් විසිකරන් කෑගහගෙන මගෙ අැඟට පැනපු විදියට.

වෙච්ච දේ හිතාගන්න බැරුව ටික වෙලාවක් හිටියත් පස්සෙ මට හිනාව නවත්තගන්න බැරිවුනා .ෆිල්ම් හෝල් එකෙන් එළියට එනකනුත් මන් කරේ හිනාවුන එක .

" හහ් හහ් හහ් ..ඒකට එච්චර හිනා යන්නෑ හැඹැයි.."

" ස්-සොරි ....." හිනාව නවත්තගන්න හුස්ම අල්ලගන්න ගමන් මම කිව්වා

ඒත් ජන්ග්කුක් මට අසූ හාරදහට රවන විදිය දැක්කම අමාරුවෙන් පාලනය කරන් හිටපු හිනාව අායාත් එළියට පැන්නා

" හිනා වෙනවා හිනා වෙනවා අැති වෙනකන් හිනා වෙනවා "

එදා දවසෙ ගෙදර අැවිල්ලත් ජන්ග්කුක් හිටියෙ ඔරොවගෙනමයි .ඒ වුනාට හරිම කියුට් අනේ . මට එයා එහෙම ඉන්නව දැක්කමත් හිනා යනවා .

___________________________________

FoXY🌹

 𝟻 ᴅᴀʏs ᴡɪᴛʜ ʏᴏᴜ | ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] 彡Where stories live. Discover now