ғᴏᴜʀᴛʜ ᴅᴀᴛᴇ 彡

1.2K 310 10
                                    

හතරවෙනි දවස ඩිනර් නයිට් එකක්..

ශොපින්  මෝල් එකේදි කුකී ගොඩක් කැමති වුනා කියලා තේරුණ අැඳුමත් අැඳන් මම පහළ තට්ටුවට යද්දි කුකී ලෑස්ති වෙලා ඉවර වෙලා මම එනකන් බලන් හිටියා .

ජන්ග්කුක් අැඳන් හිටපු ෆුල් සූට් එක බ්ලැක් .ලෝකෙ ඉන්න හැන්ඩ්සම් ම කොල්ලා එයා වෙන්න අැති කියලා මට හිතුනා. ජන්ග්කුක්ගෙ අැස් දෙකත් විසි වතාවක් වත් මගෙ ඉහ මුදුනෙ ඉඳන් කකුල් කකුල් දෙක ළඟටයි කකුල් දෙක ළඟ ඉඳන් ඉහ මුදුන ළඟටයි ගියා .එයාගෙ අැස් දිහා බැලුවම පේනවා කොච්චර  වශී වෙලාද කියලා .

පුදුමයක් නෑ ඉතින් මම දන්නවා මම ලස්සනයි කියලා .

මම හිනාවේගෙන ජන්ග්කුක් ළඟට යද්දි එයා අහක බලාගත්තෙ එක සැරේට දෙයක් මතක් වෙලා වගේ ...
අපි ඊයෙ කිස් කරා නේද !!මටත් එයාව දැක්කමයි ඒක මතක් වුනේ ...

ඒ වෙලාවෙ එතනින් අතුරුදහන් වෙන්න ඕනෙ කියලා මට හිතුනා.ඒත් ඕනෙ නෑ අද දවසෙ තත්පරයක් වත් අහක දාන්න මට ඕනෙ නෑ .

අනේ අද දවස ගෙවිලා යන්නෙ නැති වුනානම්.

මම ඉල්ලපු විදියෙම ප්‍රයිවට් රූම් එකක කැන්ඩල් ලයිට් ඩිනර් ටේබල් එකක් ජන්ග්කුක් ලෑස්ති කරවලා තිබුණා.

ඒ විදියේ ඩිනර් එකක් ලෑස්ති කරවන එකේ තේරුමක් නෑ කියල මම දන්නවා ඒත් අද බැරි වුනොත් අායෙ කවදාවත් නැති නිසයි මට මේ විදිය ඕනෙ වුනේ .

මම අැඳන් හිටිය රතුපාට අැඳුමයි කුකීගේ කළු පාට අැඳුමයි එතන තිබුණු සැරසිලි වලටත් හොඳට ගැළපුනා.

ඩිනර් ටේබල් එකේ පුටු දෙකේ අපි දෙන්නා ඉඳගත්තටත් පස්සෙ තිබුණෙ නිහැඬියාවක් .

" කුකී .."

" හ්ම් ..."

" අපි දෙන්නා එකට ඉන්න අන්තිම දවස් දෙක නිසා," වචන එක දිගට කියාගෙන යන්න බැරිවුනේ මට අැඬෙන්න වගේ අාපු නිසා ..

" අපි එකට ඉන්න අන්තිම දවස් දෙක නිසා මට ඕනෙ දෙයක් කරන්න ඉඩ දෙනවද ..."

" ඕනෙ දෙයක් කිව්වෙ?"

තවත් මුකුත් නොකියා මම ජන්ග්කුක්ගෙ ඔඩොක්කුවෙන් වාඩිවෙලා ජන්ග්කුක්ගෙ තොල් වලින් අල් ගත්තෙ අත් වලින් එයාගෙ කොණ්ඩෙ රටා මවන ගමන් .
ජන්ග්කුක් මාව කිස් කරන්න පටන් ගන්නකොට හාදුව එන්න එන්නම රළු වුනා.  අපි හාදුවෙන් අැති  වුනේ හුස්ම ගන්න අමාරු වෙද්දියි.

ජන්ග්කුක්ගෙ අැස් වල වෙනදා නොදැකපු වෙනසක් මම දැක්කා .

කුකීගෙ කම්මුල් වලින් අල්ලගත්ත මම මගෙ නළල එයාගෙ නළලින් තිබ්බා .

" මම මේක කියන්නෙ ඔයාගෙ හිත වෙනස් වෙයි කියලා හිතලා නෙවෙයි .එහෙම වෙන්නෙ නෑ කියලා මම දන්නවා ..ඒත් මේක වෙන්න පුළුවන් මට ලැබෙන අන්තිම අවස්තාව ."

ජන්ග්කුක් මගෙ දිහා බලන් හිටියෙ මොකද්ද කියලා අහන්න වගේ

" මම අාදරෙයි කූ ..."

කුකී මොනහරි කියන්න කට අැරියත් මගෙ අැඟිල්ලක් එයාගෙ තොල් මත තියලා මම  එයාව නැවැත්තුවා.

" ඔයා කියන්න හදන්නෙ මම
බලාපොරොත්තු වෙන දේ නෙවෙයි ඒ නිසා මුකුත් කියන්න එපා ..."

මම කුකීව හග් කරගත්තා ..

__________________________________

FOXY🌹

 𝟻 ᴅᴀʏs ᴡɪᴛʜ ʏᴏᴜ | ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] 彡Where stories live. Discover now