ғɪғᴛʜ ᴅᴀᴛᴇ 彡

1.7K 344 97
                                    


පස්වෙනි සහ අවසාන දවස නම්සන් කුළුණේ...

දවසක කූ එක්ක මෙහෙ එන්න ඕනෙ කියලා මම හැමදාම හිතුවා .අන්තිමට අපි අාවා.ඒත් මම හිතපු විදියට වඩා දවස වෙනස් .

නම්සන් කියන්නෙ අාදරවන්තයො එකතු වෙන තැනක්ලු . ඒත් අපි එතනට අාවෙ වෙන් වෙන්න . 

ගොඩක් දවස් වල වගේම එදත් නම්සන්
කුළුණ පිරිලා තිබුණෙ අාදරවන්තයොන්ගෙන් . අතරින් පතර තනියම අාපු අයත් හිටියා .ළඟින් ඉඳන්ම අාදරේ නොකරත් හදවත් වලින් අාදරේ කරන අය එයාලා වෙන්න අැති කියලා මට හිතුණා.

අද  දවසෙ ගෙවෙන තත්පරයක් ගානෙ දිග කාලයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරා .ඒත් එහෙම වෙන්නෙ නෑ මම ඒක දන්නවා .ඊයෙ දවස වගේම අද දවසත් ගෙවිලා යයි .අදින් පස්සෙ එයාට හැමදාම  ඕනෙ වුන නිදහස  ලැබෙයි .

පැය දෙකක් විතර එහෙ මහෙ අැවිද අැවිද ඉඳලා කෙළවරක හිස්ව තිබුණු බංකුවක අපි දෙන්නා ඉඳගත්තා.

" ඔළුව තියාගන්නද"

ජන්ග්කුක් හා කියන්න  ඔළුව වැනුවාම මම එයාගෙ උරහිසෙන් ඔළුව තියාගත්තා

" ඒ දවස්වල අපේ ඔම්මයි අප්පයි විවාහ යෝජනා ගේනකොට මම කාටත් කැමති වුනේම නෑ . අැයි දන්නවද කවුරුහරි තෝරලා දුන්නොත් මට ඒවා වල අැදයක් පේනවා"

ජන්ග්කුක් මගෙ දිහා බලලා හිනා වුනා.

"  ඔයාට මම කැමති වුනේ තෝරගත්තෙ මම නිසා."

" මම කලිනුත් කිව්වා වගේ ඔයාගෙ තේරීම් නම් අන්තිමයි "

ජන්ග්කුක් එහෙම කියලා හිනාවුනාට මට හිනා ගියේ නෑ .

ජන්ග්කුක්ගෙ උරහිසින් අෑත් වුණු මම මගෙ පිටිපස්සෙ තිබුණු බෑග් එකෙන් ඒ අත්සන් කරපු ඩිවෝස් පේපර්ස් එක්ක ෆයිල් කවරෙ අරන් එයාගෙ අත උඩින් තිබ්බා .

"අදටත් මට මගෙ තේරීම තමා හොඳම .ඒක හැමදාටම එහෙම වෙයි .යන්නම් .."

බංකුවෙන් නැගිටපු මම කුකීගෙ ඉස්සරහින් හිටගෙන නළලට පාත් වෙලා කිස් එකක් දුන්නා .

මම කෙළින් වෙන්න හද්දිම...

කුකී මාව අැදලා ගත්තෙ එයාගෙ ඔඩොක්කුවෙ ඉන්දවෙන විදියට .එයා මාව ගොඩක් තදින්  බදාගත්තා .

 𝟻 ᴅᴀʏs ᴡɪᴛʜ ʏᴏᴜ | ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] 彡Onde histórias criam vida. Descubra agora