4)රෝස!තැඹිලි!

108 37 18
                                    

අහස රෝස පාටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහස රෝස පාටයි.
තැනින් තැන විසිරිලා තිබ්බ වලාකුළු වල,බැහැලා යන ඉරේ එළිය වැදිලා තැඹිලි පාටකුත් ගෑවිලා තිබුනා.
ඒත් අහස රෝස පාටයි.

අද එයාගේ කැන්වස් එක ඉක්මණින් පාට කරන්න පුළුවන් බව හ්‍යොන්ජින්ට හිතුනා.

"තාමත් අහස එකවගේ කියන්නද හදන්නේ?"
ෆීලික්ස්ගේ කටහඬට හුරුපුරුදු උද්‍යෝගිමත් බව මුහුවුනා.

"නෑ.අද ඒක රෝස පාටයි."
හ්‍යොන්ජින් තාම අහස එයාගේ කැන්වස් එකේ අඳින ගමන්.
ඒත් කොච්චර ඇන්දත් එයාට දැනුනේ තාම එකම තැන වගේ.

"ඔයා චිත්‍ර වලට ඔය තරම් ආසද?"
ෆීල්ක්ස්ගෙ නිල් ඇසුත් රෝස පාට අහස දිහා බැලුවා.

ඒත් හ්‍යොන්ජින්ගේ ඇස් ෆීලික්ස්ගේ දිහාට හැරුනා.
"ඔයා කොහොමද ඒක දන්නේ?"

"මන් ඔයා යන ඇකඩමි එකේ පන්තියකට යනවා."

"මොනාද?"

"යෝගා."ෆීලික්ස් හිනාවක් එක්ක හ්‍යොන්ජින්ගේ දිහාට හැරෙද්දි හ්‍යොන්ජින්ගේ ඇස් ඒ නිල් ඇස් වල රැඳුනා.

"ඔයා යෝගා කරනවද?"

"ඔව්.ඒක ඇඟට වගේම මනසටත් හොඳයි."ඒ නිල් ඇස් කතා කරද්දී දිලිසෙන හැටි හ්‍යොන්ජින්ට පෙනුනා.
"ආහ්..බලන්න!!
දැන් ඒක තැඹිලි පාටයි."

ෆීලික්ස් අත දික් කරලා පෙන්නපු පැත්තට ආයෙමත් ඇස් යොමු කරපු හ්‍යොන්ජින් දැක්කේ තැඹිලි පාට වෙලා තිබුන අහසක්.

'අහස කවද්ද මෙච්චර ඉක්මණට වෙනස් වෙන්න ගත්තේ...'
හ්‍යොන්ජින් එයාගෙන්ම ඇහුවා.

Thantophobia | HyunLix |✔Where stories live. Discover now