10)නගරේ

108 34 20
                                    

වෙලාව තුනට විතර වෙන්නැති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙලාව තුනට විතර වෙන්නැති.
ලොකු අව්වක් නැති වුනත් වටපිටාව තාම එළියයි.

"ඇයි ආයේ කන්ද උඩට යන්නේ?"
ආයෙමෙත් අනිත් අය යන පැත්තටම යන්න පටන් ගත්ත ෆීලික්ස්ගෙන් හ්‍යොන්ජින් ඇහුවා.

"තව බලන්න දේවල් තියෙනවා හ්‍යොන්ජින්..
කම්මැලි නැතුව එන්න."
එහෙම කියද්දි ෆීලික්ස්ගේ මූණේ වෙනදට වඩා ලොකු හිනාවක් තිබුනද කියලා හ්‍යොන්ජින්ට හිතුනා.

________________

කන්ද උඩ හරියේ වේදිකාවක් වගේ තැනක් හදලා තියෙන හැටි හ්‍යොන්ජින්ට පෙනුනා.
එතනට පහළ තියෙන නගරේ ගොඩක් හොඳට පෙනුනා.

පහළදි මහ විශාලෙට පේන්න තිබුන ගොඩනැගිලි කොණ්ඩ ගහක් තරම්වත් ඝනකම් නැති ගාණටයි පේන්න තිබුනේ.

"මෙහෙන් එන්න.."
හ්‍යොන්ජින්ගේ අත අල්ලගත්ත ෆීලික්ස් එයාව මිනිස්සු ටිකක් අඩු හරියකට එක්කන් ගියා.

වේදිකාවෙන් ටිකක් උඩහ හරියක කණ්ඩියක තිබුන, ගල් බැම්මේ එයාලා වාඩි වෙද්දි අහස,
ඉදුණු චෙරි ගෙඩියක පාට අරන් තිබුණා.
තැනින් තැන තාමත් එල්ලිලා තිබුණ නිල් පාට,සුදු පාට,කහ පාට වල දීප්තිමත් බව
අර චෙරි පාට උදුරන් තිබුණා.

"නගරේ දිහා බලන්න."
මේ අමුතු අහස කැන්වස් එකෙ අඳිනවද නැත්ද කියලා හිත හිත හිටපු හ්‍යොන්ජින්, ෆීලික්ස්ගේ කටහඬින් නගරේ දිහා බලන්න කලින් ෆීලික්ස්ගේ දිහා බැලුවා.

අහසේ චෙරි පාට ෆීලික්ස්ගේ මූණත් වහගත්තා වුනත්,
ඒකෙන් වුනේ  ඒ මූණේ දීප්තිය වැඩිවෙන එක කියලා හ්‍යොන්ජින්ට හිතුනා.

"ලස්සනයි නේද?"
ෆීලික්ස් තමන්ගේ මූණ දිහා බලද්දියි හ්‍යොන්ජින් නගරේ දිහා බැලුවේ.

"දෙයියනේ..!"
හ්‍යොන්ජින් මේ වතාවේ කැන්වස් එකේ අහස නොඇඳ නගරේ අඳින්න හිතාගත්තා.

චෙරි පාට අහස යට තිබුන අතිවිශාල නගරේ,නත්තලට එළිය වුන නත්තල් ගහකටත් වඩා දිලිසෙන ගමන් තිබුනා.

පාලම් වල,බිල්ඩින් වල,දැන්වීම් පුවරුවල එළි නිසා පහළ නගරේ,
පොඩි කාලේ කියවපු සුරංගනා කතාවක පිටුවක තිබ්බ පින්තූරයක් වගේ හ්‍යොන්ජින්ට පේන්න ගත්තා.

ඉස්සර කාලෙකත් මේ වගේ තැනකට ගිහින් තිබුනට
ඒක අද තරම් උණුසුම්ව,ලස්සනට වෙනස්ම විදිහට නොදැනුනේ ඇයි කියලා හ්‍යොන්ජින්ට තේරුම් ගන්න බැරි වුනා.

"දැන් ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් වෙයිද හ්‍යොන්ජින්?"
ෆීලික්ස් කළු ඇස් වලට එබෙන අතරේ ඇහුවා.

හ්‍යොන්ජින් ඒ දිලිසෙන නිල් ඇස් දිහා බැලුවා.
නගරේ සුරංගනා එළි ඒ නිල් ඇස් වල ඇඳෙන හැටි හ්‍යොන්ජින්ට පෙනුනා.

ඒ වෙලාවේ හ්‍යොන්ජින්ට තමන්ගේ හදවතේ ගැස්ම තමන්ටම අකීකරු බව තේරෙන්න ගත්තා.

"සමහරවිට.."

Thantophobia | HyunLix |✔Where stories live. Discover now