7)බ්‍රවුනීස්

110 37 9
                                    

ඉර හෙමීට අහස එළිය කරන ගමන් ඉන්න පාන්දර වෙලාවක සැහැල්ලු ඇඳුම් ඇඳගත්ත, තරමක බෑග් දෙකක් එල්ලගත්ත තරුණයෝ දෙන්නා පාලම උඩදි මුණගැහුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉර හෙමීට අහස එළිය කරන ගමන් ඉන්න පාන්දර වෙලාවක
සැහැල්ලු ඇඳුම් ඇඳගත්ත, තරමක බෑග් දෙකක් එල්ලගත්ත තරුණයෝ දෙන්නා පාලම උඩදි මුණගැහුනා.

"එන්න..අපි යමු!"
ෆීලික්ස් ඉස්සර වුනා.

"ඒත්..අපි මොකේද යන්නේ?"

"වෙන මොකේද ඉතින්,බස් එකේ තමයි."
ෆීලික්ස් දිගටම ඇවිදිද්දි හ්‍යොන්ජින් පස්සෙන් අඩි තියන්න ගත්තා.

"බස් එකේ!?ඒත්...."

"බය වෙන්න එපා.
මේක ඔයා යන හොඳම ට්‍රිප් එක වෙයි."
බස් නැවතුමට ආව ෆීලික්ස් ඔරලෝසුව දිහා බලන අතරෙ කිවුවා.

____________

"ආ..ගන්න.."
වැඩිය සෙනඟක් නැති බස් එකේ පිටිපස්සෙම ශීට් එකේ ඉඳගෙන හිටිය ෆීලික්ස්,හිනාවෙන අතරේ හ්‍යොන්ජින්ට මොකක්ද කෑම පෙට්ටියක් දික් කළා.

"මොනාද?"
ශීට් එකට ඔලුව තියාගෙන,පහුවෙන්න ගත්ත හුරුපුරුදු නගරෙන් මොහොතකට ඇස් දෙක අයින් කරගත්ත හ්‍යොන්ජින් ඇහුවා.

"බ්‍රවුනීස්"

ඒ නිල් ඇස් වලින් කියන හැම ඉල්ලීමකටම මෝඩයෙක් වගේ එකඟ වෙන්නේ ඇයිද කියලවත් නොදැන හ්‍යොන්ජින් එක කෑල්ලක් අරගෙන කන්න ගත්තා.

"ම්ම්.."
ඇත්තෙන්ම ඒවා හ්‍යොන්ජින් හිතුවට වඩා රස වුනා.

"රසයිද?"

"ඔව්..ගොඩක් රසයි."
හ්‍යොන්ජින්ගේ තොල් වල ලස්සන හිනාවක් ඇඳුනා.

"මමයි හැදුවේ."

"ඒක වෙන්නැති මෙච්චරම රස."

ඒකෙ තිබුන රසට වහ වැටුන හ්‍යොන්ජින්ට හිතන්නැතුව කියවෙද්දි,
ෆීලික්ස්ගේ නිල් ඇස් වලට යටින්,
ඒ පිරුණු කම්මුල් වල අහසේ රෝස පාටෙන් ඉල්ලගත්ත පාට ටිකකින් එළිය වුනා.

Thantophobia | HyunLix |✔Where stories live. Discover now