Part 2 💖

211 55 14
                                    

Office එකෙන් එළියට ආපු ටේහියුන්ග් පැය භාගයක් ඇතුළත වගේ ආවෙ එයා ආසම කරන තැනට. චෙරි මල් ගහක් යට තිබ්බ බෙන්ච් එකෙන් ඉදගත්ත ටේහියුන්ග් කල්පනා කරන්න ගත්තෙ ජිමින් ගැන.

ජිමින්ව පළවෙනි පාරට දැක්ක දවස.....

අතරමං වෙලා පාර හොයා ගන්න බැරුව හතරවටේ කැරකි කැරකි ඉදපු ඒ හුරතල් කොල්ලව ටේහියුන්ග් දැක්කෙ අහම්බෙන්.

ඒ දවස ටේහියුන්ග්ට මතක් වෙද්දි ටේහියුන්ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුණා.

ඒ දෙන්නා මුලින්ම හම්බුණේ කොලේජ් එකේදි. පස්සෙ පස්සෙ එයාල හොදම යාළුවො උනා.

ඒ එක්කම වගේ ඒ දෙන්නගෙම හිතේ අනෙකා ගැන තියෙන යාළුකම ආදරේකට පෙරළෙන්නෙ දෙන්නටම හොරෙන්.

ටේහියුන්ගෙ වෙඩින් එක ෆික්ස් කරලා තිබ්බෙ ටේ හයි ස්කූල් කාලෙ ඉදන්.. ඒකට හේතුව උනේ බිස්නස්...

ඒ වෙනකොට ටේට ජිමින්ව හම්බෙලා තිබ්බෙ නැහැ වගේන ටේට ආදරේ කරන්න කෙනෙක් කියලා හිටියෙත් නෑ. ඒ නිසා ටේත් ප්‍රශ්නයක් නැතුවම මැරේජ් එකට කැමති උනා

ටේහියුන් වෙඩින් එකට කැමැති වෙන්න අනෙක් හේතුව තමයි ටේහියුන්ට බදින්න යෝජනා කරපු ගෑණු ළමයා ලිලීගෙ කිසිම අඩු පාඩුවක් නොතිබුණ එක.

ලිලි කරුණාවන්ත, වැඩපළට දක්ෂ, සල්ලිකාර, හරිම ලස්සන ගෑණු ළමයෙක්...

ටේහියුන්ගෙ පෙනුමට නියමෙට මැච් වෙන ගර්ල් කෙනෙක් තමා ලිලී කියන්නෙ.

ඇත්තටම ටේහියුන් ලිලි පර්ෆෙක්ට් කපල් එකක් උනා.

ටේහියුන්ට ලිලීව බදින එක කොහෙත්ම ප්‍රශ්නයක් උනේ නෑ. ඒත් ඒ ජිමින් කියන කෙනා එයාගෙ ජීවිතේට ඇතුළ් වෙනකන් විතරයි.

ටේහියුන් උත්සහ කළත් මැරේජ් එක නවත්තන්න පුළුවන් උනේ නැහැ. මොකද ටේහියුන්ගෙයි ලිලීගෙයි මැරේජ් එක ප්ලෑන් කළේ අවුරුදු ගාණකට කලින්...

ඊටත් ලිලී... ඒ අහිංසක කෙල්ල බලාපොරොත්තු තියාගෙන හිටියා ටේහියුන් ගැන.

ඉතින් අකමැත්තෙන් උනත් ටේහියුන්ට සිද්ධ උනා ලිලීව මැරි කරන්න.

හොදම දේ තමයි ටේහියුන්ගෙ බෙස්ට්මන් උනේ ජිමින් !!!!

Tales Of Hearts 💖  [Completed ✔️]Where stories live. Discover now