Part 7 💖

167 48 6
                                    

එදයින් පස්සෙ ටේ ලිලි එක්ක වචනයක්වත් කතා කළේ නෑ.

ටේ හිතුවෙ ලිලී වැරදියි කියලා... එයා හින්දයි ජිමින් එයාත් එක්ක තිබ්බ එෆෙයා එක නැවැත්තුවෙ කියලා.

ටේහියුන් තවත් උත්සහ කළා ජිමින්ගෙයි එයාගෙයි පළුදු උන ආදරේ ආයෙත් ගොඩ නගන්න. ඒත් ජිමින් කැමති උනේ නැහැ.

අන්තිමේදි ජිමින් තීරණය කළා යන්න. ගොඩාක් ඈතට.... තමන් මෙහෙ ඉන්නාන් ටේගෙ පවුල් ජීවිතේ සාර්ථක වෙන්නෙ නැහැ කියලයි එයා හිතුවෙ.

සමහරවිට එයා හරි ඇති.....

ඉතින් ජිමින් තීරණේ කළා යන්න. ටේගෙන් ලිලීගෙන් ඈතට.....

ඒත් යන්න කලින් ටේගෙ හිතේ ලිලි ගැන තියෙන වැරදි වැටහීම බිදලා දාන්නත් ජිමින් අමතක කළේ නෑ.

හැමදාම වගෙ එදත් ටේ ජිමින් කියන දේ ඇහුවා..

"ජිමිනී..."

"ම්ම්ම්ම්...."

"ඔයා යන තැනවත් මට කියන්නෙ නැද්ද ජිමිනී ??"

"ඒක ඔයා නොදැන ඉන්න තරනට හොදයි ටේ..."

"ආයි එන්නෙ නැද්ද මාව බලන්න.."

"ටේ....."

"මට එක පාරක් ඔයාව කිස් කරන්න පුළුවන්ද ? අන්තිම පාරට ? "

ජිමින් ඔළුව වනලා ඔව් කිව්වම ටේ ජිමින්ගෙ ළගට ඇවිත් ඒ පිරුණු තොල් කිස් කරන්න ගත්තෙ හරි ආදරේකින්.

To be continued...


Tales Of Hearts 💖  [Completed ✔️]Where stories live. Discover now