Part 6 💖

166 52 12
                                    

"ල්-ලිලී ?"

"බැහැ ටේහියුන් බැහැ. මට බෑ ඔයාට එයත් එක්ක යන්න දෙන්න."

"ප්-ප්ලීස් ලිලී..."

අන්තිමේදි ජිමිනුත් ලිලීගෙන් ආයාචනා කළා.

"බැහැ ජිමින් බැහැ. මට ටේහියුන්ව ඔයාට දෙන්න බැහැ. එ-එතකොට අපි තනිවෙයි.."

"අ-අපි ??"

ටේහියුන් ඇහුවෙ එයාට කිසි දෙයක් තේරුණේ නැති හින්දා.

"ඔව් මන් ප්‍රෙග්නන්ට් වෙලා.. මන් දන්නෙත් අද උදේ..."

ටේහියුන් ජිමින් දිහා බැලුවත් ජිමින් ඒ වෙනකොටත් බලන් හිටියෙ ටේහියුන් දිහා.

ටිකක් වෙලා ටේහියුන් දිහා බලන් හිටපු ජිමින් ලිලී දිහාට හැරුණෙ ලොකු කතාවක් කියන්න.

"ලිලී.... අයිම් සොරි... ඔ-ඔය ටේහියුන් එක්ක ඉන්න.. ම-මට ටේහියුන්ව එපා"

"ජ්-ජිමිනී......"

"අහන්න ටේහියුන් ඔයා දැන් මාව අමතක කරන්න ඕනෙ.. මොකද ඔයාව ලිලීටයි දැන් ඕනෙ"

"ඒඑත් ජිමිනි..."

"ඒත් මේත් නෙමේ ටේ... ලිලී එක්ක සතුටෙන් ඉන්න.. මාව අමතක කරන්න..."

"ජ්-ජිමින් ම-මන් දුෂ්ට නෑ.... ම-මට සමාවෙන්න මට මෙහෙම කරන්න ඕනෙ නැහැ. ඒ-ඒත් මට වෙන කරන්න දෙයක් නැහැ. මට ටේගෙ ආදරේ ලැබෙන්නෙ නෑ. ඒක හැමදාමත් ඔයාගෙ. මන් කොච්චර ටේට ආදරෙ කළත් එයා ආදරෙ ඔයාට. ඒත්.. ඒත් මට මේ බඩේ ඉන්න අහිංසකයගෙ අයිතිවාසිකම නැති කරලා දාන්න බෑ. මන් එච්චර පරාර්ථකාමි නැහැ. ජිමින්, ටේහියුන්.. ම-මන් හිතනවා ඔයාලා මාව තේරුම් ගනියි කියලා....."

ලිලී අන්‍තිමේදි සමාව ඉල්ලුවා.. එයා වැරදිද ?? එයා නොකරපු වැරැද්දකට එයා සමාව ඉල්ලුවා...

"මන් ගිහින් එන්නම් ටේ...."

ජිමින් එක පාරක් ටේ දිහා බලලා එළියට ගියා.


_________________________________________

ලිලීට දොස් කියන්න එපා කොයිම වෙලාවකවත්...

Tales Of Hearts 💖  [Completed ✔️]Where stories live. Discover now