🌸~ τiмє ραssє∂ ~🌸
" දෙයක් කියන්නද යේරා ? "
ජන්ග්කුක් ඇහුවෙ එයාගෙ උරහිසට හේත්තු වෙලා Table එක උඩ තියෙන කොෆි එක දිහා ඔහේ බලාගෙන ඉන්න යේරගෙන්.
කොෆි ෂොප් එකේ තිබුණු නිහැඬියාව නිසාම කෙල්ල තාමත් ඉකිගහනවා කියලා තේරුම්ගන්න ජන්ග්කුක්ට වැඩි වෙලාවක් ගියේ නෑ.
යේරා ජන්ග්කුක්ගෙන් ඈත් උනේ මොකද්ද කියලා අහන්න වගේ.
කෙල්ල දිහා බලන ඕනිම කෙනෙක්ට පේනවා කෙල්ල ඉන්නෙ අඬලා කියලා.
ඔව් කෙල්ල ඇඬුවා. හැමදාම වගේ. යේරා එයාගෙ වේදනාව කඳුළු වලින් පිටකරන්න පුරුදුවෙලා.
කලින් හන් ගඟත් එක්ක, අහසත් එක්ක බෙදාගත්තු ඒ වේදනාව, ඒ හැඟීම්, ඒ කඳුළු ජන්ග්කුක් ඉස්සරහා පිටකරන්න කෙල්ල පුරුදු වෙලා.
යේරට ඒක ලොකු සහනයක් උනා. කෙල්ල පණ වගේ ආදරය කරන, මේ ලෝකෙ යේරට ඉන්න එකමකෙනා ඉස්සරහා ඒ දේවල් කියන එක.
වෙනදට කෙල්ලගෙ ප්‍රශ්න, අහගෙන ඉන්න හන් ගඟට, අහසට පුළුවන් උනාට ඒවට උත්තරයක් දෙන්න එයාලට බැරි උනා. කෙල්ලගෙ කඳුළු පිහදාලා අඬන්න එපා කියලා කියන්න එයාලට බැරි වුණා.
ඒත්, අද ජන්ග්කුක් කෙල්ලත් එක්ක ඉන්නවා. අඬන්න එපා යේරා, මං ඉන්නවනෙ කියලා කෙල්ලට කියන්න කෙනෙක් ඉන්නවා. කෙල්ලගෙ කඳුළු පිහදාන්න කෙනෙක් ඉන්නවා.
වෙනදට ජන්ග්කුක්ට හොරෙන් පිටකරපු කඳුළු අද කෙල්ල ජන්ග්කුක්ගෙ උරහිස උඩින් ඔළුව තියාගෙන පිටකරනවා.
කොච්චර ලොකු ප්‍රශ්නයක් උනත්, කොච්චර ලොකු දුකක් උනත් ජන්ග්කුක් හැමදාම කෙල්ලට කිව්වෙ එක දෙයයි.
" හිතන්න එපා. "
යේරගෙ ප්‍රශ්න ඉස්සරහා, කෙල්ලගෙ කඳුළු ඉස්සරහා ජන්ග්කුක් අසරණයි. කොල්ලා කැමති නෑ කෙල්ල අඬනවට.
ඒත්, කොල්ලට මේ දේවල් ගැන තාමත් තේරුමක් නෑ. කොල්ලට අත්දැකීම් නෑ. ඉතින් හිතන්න එපා කියලා කියනවා ඇරෙන්න ජන්ග්කුක් වෙන මොනවා කරන්නද ?
ජන්ග්කුක්ට මේ දේවල් හරිම පුංචි දේවල් විදිහට පෙනුනත් අහිමිවීම් වලින් හෙම්බත් වෙච්ච යේරට ඒක එහෙම ද ?
YOU ARE READING
MAH QUEEN | COMPLETED
Fanfictionපුංචි කාලෙදිම ආදරය සෙනෙහස අහිමිවුනු අහින්සක කෙල්ලෙක්, අහිමිවීම් වලින් හෙම්බත් වෙච්ච කෙනෙක්, ඔහේ ගලාගෙන ගිය ජීවිතයට හරි ලස්සන ආදරයක් කාලය විසින් මුණගස්වද්දි, ජීවත්වෙන්න අරමුණක් හම්බවුනත්, තමන් ආදරය කරන කෙනාගෙ සතුට වෙනුවෙන් එයාව අත්හරින්න සිද්දවෙනක...