-04-

192 50 64
                                    

දින සති මාස වේගයෙන් ගතවෙද්දි යේරට හරි ලස්සන යාළුකමක් හම්බඋනා. ලස්සන ආදරයක් හම්බඋනා. කෙල්ලව තේරුම්ගත්තු ආදරයක්.

කෙල්ලගෙ හිතෙත් මොකද්දෝ අමුතු හැඟීමක් ඇති වෙලා තිබුණත් කෙල්ලට තේරුම්ගන්න බැරි වුණා ඒ ආදරයද නැත්තම් යාළුකමද කියලා.

ජිමින් මේ වෙනකොටත් කෙල්ලට එයාගෙ ආදරේ ගැන කියලා තිබුණා. ඒත්, කෙල්ල බය වුනා.

ජිමින්ට අසාධාරණයක් වෙයි කියලා.

ජන්ග්කුක්ට දුන්නු ආදරේ ඒ විදිහටම ජිමින්ට දෙන්න බැරි වෙයි කියලා.

තාමත් කෙල්ලට ජන්ග්කුක්ව අමතක කරන්න බෑ. කොහොමද කෙල්ල එයාගෙ පළවෙනි ආදරේ අමතක කරන්නෙ ?

ජිමින් කොයි වෙලාවකවත් කිව්වෙ නෑ යේරට ජන්ග්කුක්ව අමතක කරන්න කියලා. හේතුව කොල්ලා යේරව ගොඩාක් හොඳින් තේරුම් අරගෙන හිටියා.

ජිමින් හොඳාකාරවම දැනගෙන හිටියා යේරට ජන්ග්කුක්ව අමතක කරන්න බෑ කියලා.

ඉතින් ඒ වෙනුවට සිද්ධ වුනේ ජිමින් එක්ක ගත වුනු ලස්සන මතක ගොඩාක් කෙල්ලගෙ ජීවිතේට එකතු වුනු එක.

ඒත්, ජන්ග්කුක්. කොල්ලා ⁣ගොඩාක් පසුතැවෙනවා වෙච්ච දේවල් ගැන. එදා කෙල්ලගෙ පස්සෙන් ගිහින් එයාව නවත්තගන්න බැරි වුනු එක ගැන.

යේරගෙන් පස්සෙ කොච්චර කෙල්ලො ජන්ග්කුක්ගෙ ජීවිතේට ආවත් ඒ එක්කෙකෙත්ටවත් යේරගෙ තැන ගන්න බැරි වුනා.

දවස් දෙක තුනකට සීමාවුණු ඒ බැඳීම් වලට ආදරය කියන නම දෙන්න ජන්ග්කුක්ට බැරි වුනා.

කොටින්ම ජන්ග්කුක් playboy කෙනෙක් උනා. කොල්ලා සමහර දවස්වලට ගෙදර ආවෙත් නැති තරම්.

කෙනෙක් වෙනුවෙන් ඇති වුනු ආදරේ ඒ විදිහටම කිසිම වෙනසක් නැතුව තවත් කෙනෙක්ට දෙන්න පුළුවන් ද ?

ජන්ග්කුක් වගේම යේරත් මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා.

_______________________________________________

" ඔම්මා ... ඔයා මගේ ටයි එක දැක්ක ද ? "

ජන්ග්කුක් ඇහුවෙ එයාගෙ බ්ලේසර් එකත් අතට අරගෙන පල්ලෙහාට බහින ගමන්.

MAH QUEEN | COMPLETED Where stories live. Discover now