-01-

378 62 514
                                    

" හැමෝටම වගේ කවදහරි දවසක ඔයාටත් මාව එපා උනොත් මන් මොකද්ද කරන්නෙ මැණික. "

හන් ගඟ ඉවුරෙ වාඩිවෙලා හිටපු යේරා කියෙව්වෙ නිදහසේ ගලාගෙන යන කළු පාටට හුරු මහා ජල කඳ දිහා බලාගෙන.

කෙල්ලට අඬන්න හේතු දාහක් තියෙනවා. ඒත්, කෙල්ලට හිනාවෙන්න තියෙන හේතුව ඊට වඩා ගොඩාක් ප්‍රබලයි.

කෙල්ල ජීවත්වෙන්නෙ එයා වෙනුවෙන්. ඒ කෙනාගෙ සතුට වෙනුවෙන්. ඒත්, කවදමහරි දවසක එයාටත් කෙල්ලව එපා උනොත් ,

අන්න ඒ බය හැමවෙලාවෙම කෙල්ලගෙ හිත ඇතුලෙ සක්මන් කරා.

යේරා කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම අහිමිවීම් වලින් හෙම්බත් වෙච්ච කෙනෙක්. කෙල්ලට දැන් හරි මහන්සියි. තවත් අහිමිවීම් වලට මුහුණ දෙන්න බැරි තරමටම.

ඒත්, කෙල්ල ඉවසනවා. එයා වෙනුවෙන්. එයාගෙ සතුට වෙනුවෙන්.

පණ වගේ ආදරය කරපු තමන්ගේ අප්පා පුංචි කෙල්ලට අවුරුදු 5 ක් වෙද්දි මේ ලෝකෙන් සමුගන්නකොට ,

අවජාතක දරුවෙක් කියලා ⁣සමාජයෙන් ලේබල් ගැහෙද්දි ,

තමන්ගෙම ඔම්මා කෙල්ලට යන්තම් අවුරුදු හතක් ලබද්දි සල්ලි වෙනුවෙන් ගෙදරක වැඩකාරකමට විකුණද්දි ,

පුංචි වයසෙදිම ඔම්මගෙ අප්පගෙ ආදරය, සෙනෙහස අහිමි වෙද්දි ,

ඒ ගෙදර මිනිස්සුන්ගෙ නොයෙකුත් අපහාස උපහාස වලට ලක්වෙද්දි ,

ඔම්මගෙ තුරුලේ නිදාගන්න ඕනි කාලෙ සීතලේ බිම නිදාගන්න සිද්ධවෙද්දි ,

පොඩ් කාලෙ ඉඳන් පිට තුවාල වෙනකන් වේවැල් පාරවල් කන්න සිද්ධ වෙද්දි ,

දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන ගිය ඉස්කෝලෙ ළමයින්ගෙන් කොන් වෙද්දි ,

ආයිත් ගෙදර ඇවිත් වැඩකාරකම් කරද්දි , පුංචි වරදටත් දඬුවම් ලැබෙද්දි ,

එයාගෙ වයසෙ අනිත් ළමයි ඔම්මලා අප්පලා එක්ක සතුටින් ජීවත්වෙනවා දකිද්දි ,

යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා දකිද්දි ,

කෙල්ලට හිතුනෙ එක දෙයයි. ඒ මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම කෙල්ල තමන් කියලා.

MAH QUEEN | COMPLETED Where stories live. Discover now