-05-

251 60 33
                                    

කාලෙකට කලින් වෙන්වුනු ආදරවන්තයන් දෙදෙනෙක් අද දෛවය විසින් ආයෙමත් මුණගස්වලා.

ඉතින් මේ අහඹු මුණගැසීම නිසා යේරා වගේම ජන්ග්කුක් හිටියෙත් ගොඩාක් පුදුම වෙලා.

ජන්ග්කුක් කියන්නෙ ජිමින්ගෙ college friend කෙනෙක් කියලා යේරා දැනගෙන හිටියත් වෙඩින් එකට ජන්ග්කුක් එයි කියලා කෙල්ල කොහොමටවත් බලාපොරොත්තු උනේ නෑ.

ඒත්, දැන් යේරට වගේම ජන්ග්කුක්ටත් ඒ දෙන්නා ගැන අයිතියක් නෑ.

යේරා දැනටමත් ජිමින්ගෙ වෙලා ඉවරයි.

ජන්ග්කුක් සතුටු උනා. යේරට ජිමින්ව හම්බඋනු එක ගැන වගේම ජිමින්ට යේරව හම්බඋනු එක ගැන. ජන්ග්කුක් හොඳින්ම දැනගෙන හිටියා ජිමින් යේරව ගොඩාක් හොඳින් බලාගන්නවා කියලා.

තමන් ආදරේ කරපු කෙනා තමන් ගාව නැති වුණත් වෙන කෙනෙක් ගාව හරි සතුටින්නම් ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම්,

ඒක⁣ට නෙමෙයිද ආදරය කියන්නෙ ?

ඒකට නෙමෙයි ද පරිත්‍යාගය කියන්නෙ ?

යේරා ජන්ග්කුක්ගෙ සතුට වෙනුවෙන් එයාව අතඅරිනකොට දැන් ආයෙමත් පාරක් ජන්ග්කුක් යේරගෙ සතුට වෙනුවෙන් එයාව අතඅරින්න තීරණය කරලා. එයා දිහා බලලා සතුටු වෙන්න තීරණය කරලා.

ඒ වගේම දැන් ජන්ග්කුක්ට පුළුවන් එයාගෙ ජීවිතෙත් අලුතින් පටන්ගන්න. එයාගෙ ඔම්මයි අප්පයි වෙනුවෙන්.

ඇස් වල කඳුළු පුරවගෙන ටික වෙලාවක් යේරා දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් අන්තිමේදි කතාකරා.

" මට සමාවෙන්න යේරා. ඔයාව තේරුම්ගන්න බැරි වුනාට, ඔයාට ඕනිම වෙලාවෙ ඔයා ළඟින් ඉන්න බැරි වුණාට, ඔයාට යන්න දුන්නට, හැමදේකටම. "

සමාව ගත්තාම හැමදෙයක්ම විසඳෙනව ද ?

කැඩුනු හිතක් හදන්න පුළුවන් ද ?

එහෙම කරන්න බැයි නම් ඇයි සමාව කියලා වචනයක් අපි අතර තියෙන්නේ ?

ජන්ග්කුක් එයාගෙ යුතුකම ඉෂ්ට කරා. කෙල්ලගෙන් සමාව ගත්තා. එයාගෙන් වෙච්ච වැරදි වලට.

යේරට ඕනි වුනා ජන්ග්කුක්ව බදාගෙන අඬන්න. එයා වැරදි නෑ කියලා කියන්න.

MAH QUEEN | COMPLETED Where stories live. Discover now