මේක කියවන්න තෝරගත්තු ඔයාලා දන්නවා ඇති මොන වගේ දෙයක් ගැන ද මේ කතාවෙ තියෙන්නෙ කියලා.. මං දන්නවා මෙතන ඇති මේ අත්දැකීමට ඇත්තටම මුහුණ දුන්නු අය...එයාලාට මේකෙන් ලැබෙන අමිහිරි, වේදනාත්මක මතකයන්වලට මම හදවතින්ම සමාව ඉල්ලනවා...
සැ:යු: මම පළවෙනි වතාවට සිංහලෙන් ලියන්නෙ...ව්‍යාකරණ වැරදි, අඩුපාඩු තිබුනොත් මට කියන්න.. මං ඒවා හදාගන්නම්....
ඒ වගේම කැමති නම් විතරක් මේක කියවන ගමන් AJ Mitchell ගෙ "Down in flames" සින්දුව අහන්න....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"කාවින්ද!" මනුක ඔහු අසලින් දැඩි ලෙස හුස්ම ගනිමින් දුවමින් සිටි මිනිසාට කතා කළේය. කාවින්ද හැරී බැලුවේ මනුක පෙන්වූ ඔවුන්ගේ දකුණු පස ඇති එළිපත්ත දෙස බැලීමටය. 'පරිස්සමින්', මනුක දෑසින් ඉගි කළේය. ඔවුන් එළිපත්ත දෙසට යාමට පෙර ඔවුන්ගේ වටපිටාව දෙස බැලුවේ වැඩි ආරාක්ෂාවට විය.
"මොකද කරන්නේ දැන්?" කාවින්ද නිහඬව, මනුක අසලින් බර හුස්මක් ගනිමින් ඇසුවේය.. අනෙක් අතට, මනුක කල්පනා කළේ, දැන් මොකක්ද කරන්නෙ? කොහෙටද යන්නෙ? කියන දේ ය. ඕනම තත්පරයක එයාලව අහුවෙන්න පුළුවන්, කියන දෙයත් මනුක දැනුවත් විය. එසේ වූවොත් සියල්ල අවසන් වන බවත් මනුක හොඳාකාරව ම දැනුවත් විය.
එවෙලෙ හි, මනුක දුටුවේ ඔවුන් සිටි තැන කෙළවරේ වැටුණු ගසක් සහ වියළි කොළවලින් හොඳින් සැඟවි තිබූ කුඩා සිදුරක් ය. ඔහු එය කාවින්ද ට පෙන්වීය.
"ඔතන හොදයි. අපිට ආරක්ෂිතව ඉන්න පුළුවන්." මනුක රහසින් පැවසුවේ කවුරුන් හෝ එහි පැමිණේ යැයි බියෙනි.
ඔවුන් සිදුර දෙසට දිව ගොස් මීටර් කිහිපයක් පමණ දුරින් සිටින විට එය සැබවින්ම ගුහාවක් බව දෙදෙනාටම වැටහුණි.
"ඔව්. අපිට මෙතන ආරක්ෂිතව ඉන්න පුළුවන් වෙයි. ඒත් අපි මේ සිදුර හොඳින් හංගන්න ඕන, කාටවත් සැකයක් නොහිතෙන්න." කාවින්ද වටපිට බැලීය. ඒ වනවිට ඉර බැසීමට පටන් ගෙන තිබුණි.
"ඉක්මනට කළුවර වෙයි. අපි ඉක්මන් කරන්න ඕන." කාවින්ද පැවසීය. මනුක හිස නමා බිම් තිබූ කොළ සහ ඉරා දැමූ අතු එකතු කිරීමට පටන් ගත්තේය.
YOU ARE READING
The Soldier [BxB]
General Fictionහමුදා නිලධාරියෙකුගේ පවුලේ අය වැඩිපුරම බය දේ මොකක්ද දන්නව ද? ඔව්..ඒ හදිසියේ එන ආගන්තුකයෙකු ගෙදර දොරට තට්ටු කිරීම... එයාලා දන්නවා... එයාලා දන්නවා ආගන්තුකයාගේ පැමිණීමට හේතුව... ඒත් එයාලා ඒක අහන්න බයයි.... ගොඩක් බයයි......