2

350 64 23
                                    

මනුකගේ මතකයක්.....

"මට ඔයාව ඇහැරවන්න ඕන නෑ... මට ඕන ඔයා නිදාගන්නව බලන්න විතරයි..."

ඒ වනවිට පාන්දර තුන පමණ වූ අතර මනුක තවමත් අවදියෙනි. තමා අසල නිදාසිටින අහිංසක පිරිමි ළමයා දෙස මනුක බලා සිටියේය.

පහන්... ඇත්තටම ලස්සන නිර්මාණයක්..ලස්සන පෙනුමක් වගේම ලස්සන හදවතක් තියෙන නිර්මාණයක්.. මනුක තමන්ට වඩා වසරක් බාල තම පෙම්වතා දෙස ආදරයෙන් බලා සිටියේය. ඔහු නින්දෙන් හුස්ම ගන්නා ආකාරය, රෝස පැහැ දෙතොල් සහ ඔහුගේ ඇහි බැම... ඒවා වරින් වර රැලි ගැසෙන ආකාරය...දෙස මනුක බලා සිටියේය. 

නරක හීනයක්ද?  පහන්ගේ මුහුණේ ඇතිවන සියුම් වෙනස්වීම් දැක මනුක පුදුම විය.තම ඇගිල්ලෙන්, නිදා සිටින අහිංසක කුරුලු පැටියගෙ ඇහිබැමි මෘදුව පිරිමැදීමට මනුක පටන් ගත්තේය. ඔහු ඒ ලස්සන මුහුණෙ ඇතිවෙන සෑම වෙනසක්ම අධ්‍යනය කළේය.

පහන්ට සැනසීමක් දීමට මනුක උත්සාහ කළේය. පහන් ඇතැම් අවස්ථාවලදී මනුකව පුදුමයට පත් කරයි. වැඩිපුරම ජීවිතේ අනතුරේ හෙළාගන්නේ මනුක වුවත්, ඒ ගැන සිතමින් දුක් වින්දේ පහන් ය..එය මනුකට වැටහිණි... පහන් හැමදිනම නරක හීන දකින්නෙ එ නිසයි...මනුක එය තේරුම් ගත්තේය..තමන් ගැනම තරහක් ඔහුට ඇතිවූයේ ඒ හේතුවෙනි.
මගෙ කොල්ලා දුක් විදින්නෙ, රෑ තිස්සේ නරක හීන දකින්නෙ මං නිසා.. මට සමාවෙන්න මගෙ මැණික.. මට සමාවෙන්න.. ඉක්මනට යුද්ධෙ ඉවර වෙයි.. එතකම් ඉවසන්න...

මනුක සෙමින් පහන්ගෙ කොපුල් පිරිමැදීය.. මනුකගේ මෘදු ස්පර්ශය හේතුවෙන් පහන් කෙමෙන් සන්සුන් විය. මනුක තනිව සිනාසීය. නරක හීනෙ ඉවරයි වගේ... මනුක පහන් දෙස තවත් ආදරයෙන් බලා සිටියේය..පුර හඳ... මනුක සිතීය..පහන් කියන්නෙ පුර හඳක්....මගෙ පුර හඳ...මනුක සිතීය...මගෙ එකම පුර හඳ...

ඉර යන්තමින් නැඟී ඇති අතර මදක් හෝ නිදාගැනීමටවත් මනුකට උවමනාවක් නැති විය. නින්දට වඩා පහන්ගෙ මුහුණ දිහා බලමින් සතුටු වීම මනුකට සැනසීමක් විය. ඔහු බය වූවා...ඇස් පියාගතහොත් හිරු එළිය වැටෙන විට පහන් අතුරුදහන් වේ යැයි කියා..ඔහු එයට බිය වුනා... 

එබැවින් මනුක අවදියෙන් සිටියේය..ඔහුට අවශ්‍ය වූයේ තමා අසල සන්සුන්ව නිදාසිටින  පුද්ගලයා දෙස ආදරයෙන් බලා සිටීමට.  "මම ඔයාට ආදරෙයි පහන්..." මනුක මිමිණීය. ඔහු හුස්ම ගත්තේද ප්‍රවේශමෙනි.. එ් අනෙකා අවදි නොකිරීමටය.  "මගෙ හද ගැස්ම නැවතුනත් මම ඔයාට ආදරෙයි. මම ඔයාට සදහටම ආදරෙයි." මනුක මිමිණිය..

හිරු සෙමින් නැඟෙන විට මනුක, පහන්ගේ නළල සිප ගත්තේය. හිරු කිරණ ඔවුන්ගේ ජනෙල් තිර රෙදි අතරින් කාමරයට ඇතුල් විය. මනුකට තේරුම් ගියේය..දැන් පිටවීමට වෙලාව හරි කියා...යාමට පෙර මනුක නැවතත් තමන්ගෙ එකම ආදරය දෙස බැලීය.. ඔහුගේ නිදාසිටින රුව දෙසට නෙත් යොමුවේය...ඔයා ඇහැරෙනකම් ඉන්න බෑ මගෙ මැණික..මට දැන් යන්න වෙනවා.. පරිස්සමින් ඉන්න...

මනුක නිවසින් පිටවීය...

The Soldier [BxB]Where stories live. Discover now