3

271 59 14
                                    


කාවින්ද එදින උදෑසන නිල ඇඳුම අඳින විට ඔහුගේ රූපය නැවතත් පරීක්ෂා කළේය.  ඔහුගේ දෑස් රතු වී ඇති ආකාරය ඔහු දුටුවේය. අන්තිම මෙහෙයුම..මනුකගෙ ඉල්ලීම මම ඉෂ්ට කරන්න ඕන..ඒක මට කොයිතරම් අමාරු වුනත්..

ඔහු තම හැඟීම් සඟවන්නෙකු නොවේ, විශේෂයෙන් මේ තරම් වැදගත් දෙයකට.  ඔහු නැවතත් තමා දෙස බැලීය. ඔහුගේ ඇස් යට ඇති කළු පැල්ලම්  තවත් නරක අතට හැරී ඇති බව ඔහුට වැටහිණි. කාවින්ද සුසුම් හෙළීය. "මගේ ජීවිතයේ නරකම දවස."

ඔහු තම නිල ඇදුම ඇඳගෙන පඩිපෙළ බැස්සේය. "යන්නම වෙනවා.." ඔහු තමාටම මුමුණා ගත්තේය. මෙවැනි අවස්ථාවකට ඔහුට මුහුණ දීමට සිදු වේ යැයි කාවින්ද කෙදිනකවත් නොසිතීය. ඉදිරිපස දොර වෙතට යන විට ඔහුගේ හුස්ම හිරවීමට යන්නාක් මෙන් දැනුනි. "දැන් ආපහු හැරීමක් නෑ. ඔයා මේක කරන්න ඕන කාවින්ද..." 

තම හදවත වේදනාවෙන් බර වී ඇති බව කාවින්දට තේරුම් ගියේය. නමුත් ඔහු ඉදිරියට පා තැබීය.

ගමනාන්තයට යන අතරමගදී සිදුවිය යුතුව තිබූ දේවල් ගැන කාවින්දට පුදුම නොවී සිටීමට නොහැකි විය.

මනුකගේ නිවසට යාමට වඩා වාහනය හරවගෙන වෙනත් ස්ථානයකට යාම වඩා හොඳ යැයි කාවින්දට සිතිණ. නමුත් වෙනත් ස්ථානයකට යාම තේරුමක් නොමැති දෙයක් බව ඔහු හොදාකාරවම දනී. ඔහු මෙයට මුහුණ දිය යුතු ය. ප්‍රශ්නෙන් පළා යාම විසදුමක් නොවේ. එබැවින් ඔහු නගර පසු කරමින් ගමන් කළේය. ඒ හැකි තරම් සෙමිනි.

***************

මනුක එදින උදෑසන ඔහුගේ ඉදිරිපස ආලින්දයේ වාඩි වී අරමුණක් නොමැතිව අහස දෙස බලා සිටියේය. පහන් රැකියාවට ගිය විට ඔහු වෙනුවෙන් කළ යුතු දේ පිළිබඳ මනුක සිතීය. ඔහුට උදේ ආහාරය සෑදීමට පටන් ගන්න පුළුවන්, නැත්නම් පිඟන් හෝදන්න, සමහර විට රෙදි හෝදන්නත් පුළුවන් වෙයි. නමුත් එදින ඔහු කරන බව  සිතූ ඕනෑම කාර්යයක් වෙනුවට මනුකට කළ හැකි වූයේ ඔහුටම සිනාසීම පමණි.

"හරි අමුතුයි..." මනුක මිමිණීය.ඔහුගේ සිනහව එකවරම අතුරුදහන් විය. මනුකට එදා රාත්‍රිය ගැන මතක් විය. ඔවුන් දෙදෙනා රාත්‍රිය ගත කළ ආකාරය මතකයට නැගීය. පහන්ගේ සියුම් කෙඳිරිලි...ආදරය, රාගය මුසු වූ උණුසුම් රාත්‍රිය.. එදින උදෑසන කාමරයෙන් පිටවීමට පෙර සන්සුන් ව නිදාසිටි පහන්ගේ සාමකාමී මුහුණ.. ගැන ඔහු සිතුවේය.

පහන් ඔහු වෙනුවෙන් කළ දේවල් ගැන ද සිතුවේය.  ඔහුගේ ආදරය තමන් වෙනුවෙන් කොතරම් විශාලද, තමා වෙනුවෙන් පහන් කළ සෑම දෙයකටම ඔහු පහන්ට ආපසු ගෙවිය හැක්කේ කෙසේද?

තමා එතරම් ආදරයකට නොවටින බව, නුසුදුසු බව මනුකට දැනුනි. ඔහුට විශ්වාසයි, මේ දවස අවසන් වීමට පෙර, පහන් තමන්ට වෛර කිරීමට තීරණය කරන බව. තමා වැනි මෝඩයෙකු වෙනුවෙන් පහන්ගෙ කාලය, ආදරය, ඉවසීම අපතේ ගිය බව පහන් හිතාවි. මෙවැනි දේ පිළිබඳ ව සිතන විට හදවත වේදනා දුන්නද මනුකට එය නොසිතා සිටීමට නොහැකි විය.

මෝටර් සයිකලයක් ඉදිරියෙන් ඇදී එන විට මනුක කල්පනාවෙන් ඉවතට ඇදී ගියේය. 

"කාවින්ද.." මනුක මිමිණීය. ඔහුගේ නළල රැලි විය. ඔහු සුසුම් ළීය. "එයා කලින් වැඩියි." 

තවමත් ඔහුගේ මෝටර් සයිකලයෙන් බැසීමට පියවරක් නොගත් කාවින්ද දෙස මනුක බලා සිටියේය. කාවින්ද, පහන්ට කුමක් කිව යුතුද, නැතහොත් ඔහු කරන්නේ කුමක්ද යන්න ගැන කල්පනා කරනවා ඇතැයි මනුකට සිතිණි. එය මනුකට ඇදහිය නොහැකි දසුනක් විය.  කාවින්ද හැම විටම 'මුලින් වැඩේ කරන්න, පස්සෙ හිතන්න' යන ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කළ අයෙක්. නමුත් මේ මොහොතේ ඔහු එසේ නොකරන්නේ ඇයි? මනුක පුදුම විය.

එබැවින්, මනුක නිවස ඉදිරිපිට ඇති බංකුව මත වාඩි වී, තම මිතුරා දෙස බලා සිටියේය. මනුකට තම සිත තුළ ඇති බිය වැඩි විය. හුස්ම ගැනීමට අපහසුවක් ද එකවර දැනුනි.නමුත් ඔහු තමාව සන්සුන් කරගෙන නැවත හුස්ම ගැනීමට පටන් ගත්තේය.

The Soldier [BxB]Where stories live. Discover now