මනුක දැඩි හදවතකින් පහන් සහ කාවින්ද දෙස බලා සිටියේය. දෙන්නටම ගොඩක් වේදනා ඇති. ඔවුන් සියල්ලන්ම මේ තත්ත්වයට පත් වුනේ, ඔවුන් දෙදෙනාම වේදනා විදින්නේ තමාගෙම වරදක් නිසා බව දැන දැනත්, දෛවය ඔවුන්ට ලබා දුන් දෙය පිළිගැනීම හැර වෙනත් විකල්පයක් මනුකට නොතිබුණි. ඔහුගේ ජීවිතය මෙතැනින් නතර වන අතර දැන් ඔහුට යන්නට කාලයයි.ඔහු එහි සිටගෙන, කාවින්ද, පහන්ව සනසන ආකාරය දෙස බලා සිටියේය
සියල්ල හොඳින් සිදුවේ යැයි ඔහු දැන සිටියේය. කාවින්ද පොරොන්දුව ඉටු කරාවි. ඔහු පහන්ව බලා ගනීවි. පහන් කෙදිනක හෝ වෙනත් කෙනෙකු සමඟ ආදරයෙන් බැඳේවි. විශේෂයෙන් ම ඔහුව කිසිදා අත් නොහරින කෙනෙක් සමග...මනුක ඔහුගේ සතුට වෙනුවෙන්, ඔවුන් දෙදෙනාගේම සතුට වෙනුවෙන් ප්‍රාර්ථනා කළේය. මනුක අවසන් වරට ඔවුන් හැර යාමට හැරුණි. නමුත් ඔහු එසේ කිරීමට පෙර, ආපසු හැරුනේය. ඔහු පහන් දෙසට නැමී, "මම ඔයාට සදහටම ආදරෙයි. මං ඔයා එනකන් බලන් ඉන්නවා..මගෙ පුර හඳ..."
නිමි.
YOU ARE READING
The Soldier [BxB]
General Fictionහමුදා නිලධාරියෙකුගේ පවුලේ අය වැඩිපුරම බය දේ මොකක්ද දන්නව ද? ඔව්..ඒ හදිසියේ එන ආගන්තුකයෙකු ගෙදර දොරට තට්ටු කිරීම... එයාලා දන්නවා... එයාලා දන්නවා ආගන්තුකයාගේ පැමිණීමට හේතුව... ඒත් එයාලා ඒක අහන්න බයයි.... ගොඩක් බයයි......